English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“ඉඩම් අයිතිය මුලික අයිතියක් කරන්න” ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරයෙන් සන්දේශයක්

ඉඩම් අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලෙස ඉල්ලමින් පසුගිය 25 වනදා  සංවිධාන කීපයකින් සැදුම්ලත් “ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය” විසින් සන්දේශයක් ඉඩම් අමාත්‍යංශයට බාරදුන් බවත්, ඉඩම් ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවට එහිදී අමාත්‍යංශ ලේකම්වරයා පිළිගත් බවත්, එම ව්‍යාපාරයේ හර්මන් කුමාර මහතා(NAFSO)  අයිතිය වෙත පැවසීය.

පසුගිය රජය සමයේත් ඒ වගේම නව රජය බලයට පත් වීමෙන් අනතුරුවත් අඛණ්ඩවම විවිධ සංවර්ධන යෝජනා නමින් මිනිසුන්ගෙන් උදුරා ගත්තු ඉඩම් නැවත ඔවුන්ට ලබාදීම වෙනුවෙන් ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය විසින් මහජන කොමිසමක්ද මේ වන විට ආරම්භ කර තිබේ.

“යම් ඉඩම් ප්‍රමාණයක් මේ වන විට පවතින රජය විසින් නිදහස් කරලා තියෙනවා (මුලතිව්, යාපනය, හා සාම්පුර්). නමුත් මුලතිව් වල පමණක් ඉඩම් අක්කර 5000 ට වැඩි ප්‍රමාණයක් තවමත් නිදහස් කරන්න තියෙනවා.

කේප්පකුලම් වල ජනතාව මේ වන විට දින 390 ට ආසන්න කාලයක් අඛණ්ඩව ඉඩම් අයිතිය ඉල්ලා අරගලයේ නිරත වෙනවා. පානම ප්‍රදේශයේ ජනතාවට තවමත් ඉඩම්වල නීත්‍යානුකුල අයිතිය ලබා දීල නෑ. ඒ වගේම මුල්ලිකුලම් ජනතාව විශාල පිරිසක් තමුන්ගේ නිවාස ඉඩම් ලබාගැනීම සඳහා කටයුතු කරනවා. ඔවුන් මරිච්චිකට්ටු කැළේ ගස් යට තවමත් ජීවත් වෙනවා. ඒ වගේම ඉරෛනතිව් දුපතේ ජනතාව අවුරුද්දකට වැඩි කාලයක් නාවික හමුදාවෙන් ලබාගත් ඉඩම් වෙනුවෙන් අඛණ්ඩව අරගලයේ නිරත වෙනවා.” යැයි ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය විසින් සඳහන් කරයි.

ඉඩම් අයිතිය සඳහා ජනතා  ව්‍යාපාරයේ හර්මන් කුමාර මහතා(NAFSO)  අයිතිය වෙත දැක්වූ තවත් අදහස් පහතින්...


 




2018-05-22
Advertisement

Find us on Facebook