English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සංහිඳියාව ගොඩනගන්න කොටි ගණන් මුදල් ඕනේ නෑ. ධර්මසිරි බණ්ඩාරනායක
ප‍්‍රවීන කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසන ලද අදහස් කිහිපයක් 2018 මැයි 21 වන දින රැස පුවත්පතේ සුජිත් ප‍්‍රියන්ත සහ චමල් අකලංක පොල්වත්තගේ විසින් සංස්කරණය කරනු ලබන ශී‍්‍ර විකාර කොළමෙහි සටහන් වී තිබුනි. එහි ඇති කාලීන වැදගත් කම සලකා අපි එය මෙසේ පළ කරන්නෙමු.

පරා-ජයග‍්‍රහණය

ධර්මසිරි බණ්ඩාරනායක ස්වාධීන රූපවාහියේ over the shoulder වැඩසටහනේ දී මෙහෙම කියනවා.

”යාපනේ පුස්තකාලේ පොත් අනූදාහ ගිනිගන්න වෙලාවේ එක ෆාදර් කෙනෙකුගේ තට්ටු දෙකක් තිබුණ ගොඩනැගිල්ලෙ එක තට්ටුවකට පේනවා ඈතින් මහා දුමාරයක් අහසට නගිනව. ෆාදර් අහනවා කෝල් දීලා තවත් ෆාදර් කෙනෙකුට ”ෆාදර් මොකක්ද ගිනි ගන්නවා පේනවා. කළු දුමාරයක් අහසට නගිනවා..... ඇයි දන්නේ නැද්ද?” පියතුමා පිළිතුරු දෙනවා. ”යාපනේ පුස්තකාලේ ගිනි තියලා.”

ෆෝන් එක අතේ තියාගෙන පියතුමා වාඩිවෙනවා.....පියතුමා මැරිලා...!

මේ රටේ එක මිනිහයි මළේ ඒ පුස්තකාලයට ගිනි තියලා කියන ආරංචිය ලැබිච්ච මොහොතේ. ෆාදර්ගේ නම ඬේවිඞ්. නවසිය තිස් ගණන්වල ඉඳලා ඒ පුස්තකාලයට පොත් තැන්පත් කරන්න විශාල වෙහෙසක් දරපු පියතුමෙක්.

මේකත් අපි අමතක නොකළ යුතුයි.

ගිය අවුරුද්දේ අපි දැක්කා මහාධිකරණ විනිසුරු ඉලංවේරියන්. එතුමා ළග හිටපු පොලිස් නිලධාරියෙක් වෙඩි ප‍්‍රහාරයකින් මියගියා. පොලිස් නිලධාරියා මිය ගිහින් ඉන්න වෙලාවේ ඔහුගේ බිරිඳ ආවා එතෙන්ට. අර බිරිඳගේ අත් දෙක අල්ලගෙන අඬ අඬා වැන්දා. දෙමළ මහාධිකරණ විනිසුරුවරයෙක් වැන්දේ සිංහල කාන්තාවකට. ඒක එතනින් නෙමෙයි ගලවලා ගන්න  ඕනේ. සංහිඳියාව කියන්නේ ඒකට. සමගිය කියන්නේ ඒකට. මේ දැනුනේ මේ මනුස්සයගේ වේදනාව. මෙන්න මේවා තමයි අපි සමාජගත කරන්න  ඕනේ. එතුමා ඊට පස්සේ ඒ නිලධාරියාගේ දරු දෙන්නවා බාරගන්නවා තමන් හදනවා කියලා. පෙරේදා පත්තරේ තියෙනවා, ”අද මට හරි සන්තෝසයි. මම හලාවත යනවා දරුවා බලන්න. දරුවා ඒ අටක් අරන්” මේ ඉලංවේරියන් නඩුකාරයා කියන්නේ. 

”අද ඒ දරුවෝ දෙන්නටම උගන්වන්නේ ඉලංවේරියන් නැමති මේ රටේ මහාධිකරණ විනිසුරු”
”අපි මේ රටේ ජාතිවාදීන්ට කියන්න  ඕනා මේවා තේරුම් ගනිල්ලා. මේ තුළ තමයි සංහිඳියාව තියෙන්නේ”

”සංහිඳියාවට කෝටි ගණන් වියදම් කරන්න  ඕන නෑ. හොඳ හදවතක් ඇති මනුස්සයෙකුට ඒ සංහිඳියාව ගොඩනගන්න පුළුවන්.”




2018-05-21
Advertisement

Find us on Facebook