English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කොන්ද කෙලින් තියන් වැඩ කරන බවට OMPය දකුණට පොරොන්දු වෙයි.


  1. අතුරුදවුවන් පිලිබඳ සොයාබැලීමේ කාර්යාලයේ (OMP) පළමු කාර්යාභාරය වන අතුරුදන්වූවන්ගේ පවුල් වල ඥාතීන්ගෙන් අදහස් විමසීමේ ඔවුන්ගේ ගැටළු සොයා බැලීමේ කටයුත්ත මේ වන විට දිස්ත්‍රීක්ක මට්ටමින් ආරම්භ කර තිබේ. එහි පළමු වැඩසටහන මන්නාරම දිස්ත්‍රික්කයෙන් පසුගියදා ආරම්භ කර තිබු අතර, එහි දෙවැන්න වශයෙන් පසුගිය 19 වනදා දකුණු පළාත නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විය.


එහිදී 1971 හා 1988-89 කාල වකවානු තුළ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශාල පිරිසකගෙන්  නීතිඥ සාලිය පිරිස්, නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ඇතුළු කොමසාරිස්වරුන් හට නැගුනු  ගැටලුව වුයේ මෙම කාර්යාලයේ ස්වාධීනභාවය පිලිබඳ ඇති විස්වාසය කෙසේද යන්නයි.

      

එහිදී කොමසාරිස්වරුන්ගේ පිළිතුර වුයේ, මෙම කාර්යාලය දේශපාලන පත්වීම් සහිත කාර්යාලයක් නොවන බවත්, තමන් පත්වීම් ලබාගන්නා අවස්තාවේදී පවා ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවශ්‍ය අවකාශය සලසා දෙන මෙන් දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටි බවත්, සඳහන් කරමින් කොමසාරිස්වරු මෙම ක්‍රියාවලියේදී තමන් දේශපාලන මැදිහත්වීම් වලින් තොරව කොන්ද කෙලින් තබාගෙන ස්වාධීනව කටයුතු කරන බවට දකුණේ ජනතාව ඉදිරියේ ඔවුන් පොරොන්දු විය.

  


2018-05-21
Advertisement

Find us on Facebook