English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දිනෙන් දින ගොඩගැහෙන නඩු කන්ද
ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්ණ අතර නිතරන්තරයෙන් මතුවන කරුණක් නම් නඩු ප‍්‍රමාදයයි. සමහර නඩු වසර ගණන් දිගැස්සෙමින් පවතී. පියවරු පවරන ලද නඩු දරුවන් විසින් ද ඉදිරියට ගෙන යයි. මේ නිසා යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින ජනතාව දැඩි අපහසුත්වයන්ට ලක්වේ. අවශ්‍ය කාලයේ, අවශ්‍ය අවස්ථාවේ ඔවුන්ට යුක්තිය ඉටු නොවේ. මූලික අයිතිවාසිකම් නඩු ද කල් යෑමෙන් වින්දිතයන්ට යුක්තිය ඉටු වීම ප‍්‍රමාදවේ. මෙන්ම ජනතාවගේ කාලය, ශ‍්‍රමය මේ නිසා වැයවේ. ජීවිත අවුල් වේ. යුක්තිය තමන්ට නිසි කාලයේ, නිසි ලෙස ඉටු නොවීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවේ. අධිකරණයේ කුමන නීති පැනවූවද නඩු ප‍්‍රමාදය වෙනස් නොවන්නේ නම් රට තුළ යුක්තිය පසඳලීම සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පැන නගී.

මේ නඩු දිග්ගැසීම ගැන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ 2018 මැයි මස 16 වෙනි දින කොළඹ රේණුකා සිටි හෝටලයේදී පැවැති වධහිංසාව පිටු දැකීම සඳහා වන සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්ගේ එකතුවේ හමුවකදීය. එම වගුව පහත දක්වා ඇත. 

2016 සිට සියළුම අධිකරණ වල නඩු 610,358 ක සංඛ්‍යාවක් ඉදිරියට ගෙනවිත් ඇත. 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් 30 වෙනි දින දක්වා නඩු 341,775 ක සංඛ්‍යාවක් අළුතින් නඩු සංචිතයට එක්වී ඇති අතර, ඉන් නඩු විසඳී අවසන්ව ඇත්තේ 297,892 ක් පමණි. නඩු 399,591 ක් විසඳීමට ඇත.

           




2018-05-20
Advertisement

Find us on Facebook