English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“කාර්ය මණ්ඩලයේ සීමා සහිත බව විමර්ශනයන්ට බලපානවා.”- මානව හිමිකම් කොමිසම් සභාව

2018 මැයි මස 16 වෙනි දින කොළඹ 03 , රේණුකා හෝටලයේදී පැවැත්වූ වධහිංසාව පිටු දැකීම සඳහා වන සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවේ හමුවකදී  සුලාරි ලියනගම (වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා -පැමිණිලි හා විමර්ශන අංශය) මහත්මිය විසින් දැක්වූ අදහස්.

කොමිසම් සභාවට නීතියෙන් ලැබී තිබෙන බලතල තිබෙනවා. එම නීති පදනම්ව මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වන අතර, වදහිංසා පැමිණිලිවලට ප‍්‍රමුඛතාවය හා හදිසි අවශ්‍යතා මත මූලිකත්වය දෙනු ලබයි. ජනතාවට වඩාත් පහසුකම් සැලසීමේ අරමුණින් හදිසි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා ( 1996 ).

කොමිසමට ලැබී තිබෙන බලතල අනුව පොලිසිවල හා බන්ධනාගාර තුළ නිරීක්ෂනයන් සිදු කරනු ලබනවා. එය සිදුකරන්නේ වධහිංසාවන් වැලැක්වීමට ගන්නා පියවරක් වශයෙනි. කොමිසම වධහිංසාව සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය රජයටත්, මහජනතාවටත් ප‍්‍රකාශ කර තිබෙනවා. පොලිස් අත්අඩංගුවට පත්වීම් වලදී පොලිසිය ක්‍රියාකළ යුතු ආකරය දැනුම් දී තිබෙනවා. ජනාධිපතිතුමා ද මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කර තිබෙන අතර, වධහිංසාව වැලැක්වීම පිණිස අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට නීතිඥ සහය ලබා දිය යුතු බවටත් පොලිසිට දැනුම් දී තිබේ.  

මානව හිමිකම් කොමිසම පළමු වතාවට ස්වාධීනව CAT කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිලි නොමැති සිදුවීම් පවා කොමිසම වර්තමානයේදී විමර්ශනයක් සිදු කරනු ලබයි. එවැනි පැමිණිලි 34 ක් 2017 වර්ශයේදී විභාග කර තිබෙනවා. ඒ අතර වධහිංසා සිදුවීම් කිහිපයක් ද තිබෙනවා. අත්අඩංගුවට පත්වීමේදී සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක්ද පිහිටුවා තිබෙනවා.

කොමිසම වදහිංසාව,ආබාධිතයන්,වැඩිහිටියන්, හා ලිංගික සංක්‍රාන්තිකන්ගේ අයිතිවාසිකම් සමබ්න්ධයෙන් වෙනම අනුකමිටු පිහිටුවා තිබෙනවා. මෙම කමිටුවට සිවිල් සමාජ ක්‍රියාදරයන් ද සම්බන්ධ වී තිබෙනවා. මෙම කමිටු තුළින් මෙම කරුණු සම්බන්ධයෙන් කොමිසමට සහ සිවිල් ක්‍රියාදරයන්ට කළ හැකි දේ සම්බන්ධව සොයා බැලීමක් සිදු කරනු ලබනවා.

වධහිංසාව අවම කිරීම, වැලැක්වීම හා නැති කිරීම සඳහා කොමිසම මැදහත් වී සිටින අතර, නිලධාරීන් සහ ප‍්‍රාදේශීය කාර්යාලයන් සම්බන්ධව පැමිණිලි තිබේ. වසරකට කොමිසමට පැමිණිලි 7000-10.000ත් අතර ප‍්‍රමාණයක් ලැබේ. වධහිංසාවන් සම්බන්ධයෙන් 2017 වසර තුළ ප‍්‍රධාන කාර්යාලයට පැමිණිලි 280 ක් පමණත්, ප‍්‍රාදේශීය කාර්යලයන්ට පැමිණිලි 212 ක් ද ලැබී තිබෙනවා. කාර්ය මණ්ඩලයේ සීමා සහිත බව මේවා විමර්ශනය කිරීමේදී බලපානවා.

බොහෝ අවස්ථාවල අපට ලැබෙන්නේ මුල් පැමිණිල්ල පමණයි. නමුත් විමර්ශනය සාර්ථක වීමට තවත් තොරතුරු අවශයයි. සිදුවීම සනාථ කිරීමට තොරතුරු අවශයයි. සාක්ෂි අවශ්‍යයයි. ඇසින් දුටු සාක්ෂි, අධිකරණ වෛද්‍ය වාර්තාවන්, පහරදීම්වල ඡායාරූප (දිවුරුම් ප‍්‍රකාශ මගින් තහවුරු කෙරූ) අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීන් දැනුවත්වීම අවශයයි. තොරතුරු අඩු පැමිණිලි ගැන විමර්ශනයක් කිරීමට කොමිසමට සිදුවනවා. ඒ සඳහා වැය වන කාලය වැඩියි. නිවැරදිව තොරතුරු ලබා දීමෙන් විමර්ශනය කඩිනම් කළ හැකියි. විමර්ශනයන්හී තත්ත්වය ගැන නිතර විමසීම් සිදු කළ හැකියි. වර්මතමානයේ දෙවන විමර්ශනයේදී පමණ පොලිසියට කැඳවීම් සිදුකරනු ලබයි. කලින් එසේ සිදු වූයේ නැත. වින්දිතයා නිසි ආයතනයන්ට යොමු විය යුතුයි. අධිකරණ වෛද්‍ය නිලධාරියා වැනි නිලධාරීන්ට නිසි ලෙස පෙන්විය යුතුයි. සිදුවීම් වලින් පසුව වින්දිතයන් මුහුණ දෙන පසු මානසික කම්පනයන්ට තවමත් අප විසින් නිසි තැනක් ලබා දී නෑ. එය ඉතාම වැදගත්.

වින්දිතයන් අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමේදී සිදුවන දුර්වලතා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවන් මේවන විටත් සිදුවෙමින් පවතී. මෙම කරුණු සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරුන් ද දැනුවත් විය යුතුයි.

තනි පැමිණිල්ලකින් වුවද කෙනෙකුට යුක්තිය ඉටුවිය යුතුයි. ඒ නිසා පැමිණිල්ල සම්පූර්ණ කිරීමට වගබලා ගත යුතුයි. මානව හිමිකම් කොමිසමේ ප‍්‍රාදේශීය කාර්යාල සිවිල් සමාජ නියෝජිතයින් සමග නිරන්තර සාකච්ඡාවන් පවත්වනු ලබනවා. ප‍්‍රදේශීයව මතුවන ගැටළු, විවේචන ප‍්‍රධාන කාර්යාලයට දැනුම් දිය හැකියි.

බන්ධනාගාරවල වධහිංසා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොතක් දැන් සෑම බන්ධනාගාරයකම දක්නට ඇත. මෙවැනි පැමිණිලි සෘජුවම මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ක‍්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.  

සිවිල් සමාජය ක්‍රියාත්මක පලාත්වලින් මානව හිමිකම් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ලැබේ. මානව හිමිකම් සහ වධහිංසා සම්බන්ධයෙන් සිවිල් සමාජය පීඩන බලවේගයක් විය යුතුයි. සමාජ මාධ්‍ය ජාලා මගින් ජනතාව දැනුවත් කිරීම්ද සිදු කළ යුතුයි.




2018-05-19
Advertisement

Find us on Facebook