English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“රජයේ මුදල් රෙගුලාසී හරහා සිදු කෙරෙන නිසා OMP ය වැඩ කටයුතු බොහොම සෙමින්” - අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව
“OMPය (අතුරුදන්වූවන් පිලිබඳ සොයා බැලීමේ කාර්යාලය) විසින් ආරම්භ කර ඇති දිස්ත්‍රීක්ක වල අතුර්දන්වුවන්ගේ ඥාතීන් හමුවී සාකච්ඡා හොඳ ආරම්භයක් හා ඒ සාකච්ඡාව ඉතා වැදගත්. මෙහිදී OMP යේ මුලික අරමුණ සත්‍ය පැවසීම නිසාත්, උතුර, නැගෙනහිර හා දකුණ නියෝජනය වන පරිදි යම් සත්‍යක් පැවසිය යුතුයි. එවිට තමයි ඒ දෙමාපියන්ට හා ඥාතීන් හට අතුරුදන්වූවන් පිලිබඳ සොයා බැලීමේ කාර්යාලය සම්බන්දයෙන් යම් විශ්වාසයක් ගොඩනැගෙන්නේ”

“අතුරුදන්වූවන් පිලිබඳ සොයා බැලීමේ කාර්යාලයට පැවරී ඇති පළමු කාර්ය වන්නේ දිස්ත්රික්කෙන් දිස්ත්රික්කෙට ගිහිල්ල අතුරුදන්වූවන්ගේ පවුල්වල අයව දිස්ත්‍රීක් ලේකම් හරහා කැඳවීමක් කර සාකච්ඡා කිරීමයි. බොහෝ තැන වල හොඳ සංවාදයක් මේ සම්බන්ධයෙන් ගොඩනැගිල තියෙනවා”

“මෙම කාර්යාලයට සාමාන්‍යයෙන් එදිනෙදා පැවැත්මට අවශ්‍ය බඩුභාණ්ඩ හා සේවකයින් බඳවා ගැනීමේදී රජයේ මුදල් රෙගුලාසී හරහා සිදු කෙරෙන නිසා බොහොම සෙමින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ, නමුත් මෙහි නිලධාරීන් මෙය ඉදිරියට ගෙන යාමට උත්සහා කරන බවක්ද පෙනී යනවා” යැයි අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා “අයිතිය” වෙබ් අඩවිය වෙත අදහස් පළකළේය.

ඒ පසුගිය 12 වනදා අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීම ප්‍රාදේශීය මට්ටමින් මන්නාරම දිස්ත්‍රීක්කයෙන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් “අයිතිය” කල විමසීමකදීය.




2018-05-15
Advertisement

Find us on Facebook