English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දුන් පොරොන්දු ඉටු කිරීමට අධිෂ්ටානශීලීව හා ජවසම්පන්න ගමනක් යමු - නිදහසේ වේදිකාව
ජනතාවට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසිකර, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින්, ජාතීන් අතර සංහිදියාවලආර්ථික සමෘද්ධියල යහපාලනයල නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අධිෂ්ටානශීලීව හා ජවසම්පන්නව ඉදිරි වසර දෙක තුල  ක්‍රියාත්මක වන ලෙසට ආණ්ඩුවට බලකර කියා සිටින බවට අද දින නිදහසේ වේදිකාව නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එම සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.  


අලුත් පාර්ලිමෙන්තු සැසිවාරය පිළිබද නිදහසේ වේදිකාවේ මාධ්‍ය නිවේදනය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තිය ප්‍රකාරව තමන්ට ලැබෙන විධායක බලතල ප්‍රකාරව අවසන් කරන ලද පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය මැයි 8දා ආරම්භ කිරීමට නියමිත ය.

මෙම කල්තැබීම ම විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සාධාරණීකරණය කරයිග පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට විධායක ජනාධිපතිවරයාට තිබෙන බලය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ට එරෙහිව යන අනවශ්‍ය වරසාදයකිග සැසිවාරය කල්තැබීම යනු අලුත් ආරම්භයක් සඳහා කරන දෙයක් නොවේ.

එමගින් ඇත්ත වශයෙන් සිදු වන්නේ ආණ්ඩුවේ අවලස්සන අතීතයට එරෙහිව ගෙන තිබෙන පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාමාර්ග අවසන් කිරීමයි.
 
මෙම කල්තැබීම හේතුවෙන් ජාතික විගණන පනත වැනි ප්‍රගතිශීලී පියවර පවා නැවත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට සිදු වේ.

මේ අතරල අති විශාල මහජන මුදලක් පරිහරණය කරන ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව කල්තැබීම ඔස්සේ සිය අකාර්යක්ෂමතාවේ තරම ද රටට පෙන්වූයේ යග සැසිවාරය අවසන් කර අලුත් සැසිවාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදන තුනක් ම නිකුත් කිරීමට ඔවුන්ට සිදු විය. මෙම තත්වය තුළ ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා හා ඔහු යටතේ සිටින තවත් ජ්‍යේෂ්ඨ නිලධාරියකු ආයෝජකයකුගෙන් දැවැන්ත අල්ලසක් ගනිමින් සිටියදී අත්අඩංගුවට පත් වීම පිළිබඳ අප පුදුම වන්නේ නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය පවසන පරිදි ඔවුන්ට ජනාධිපතිවරයා නැවත එම තනතුරට පත් කිරීම සඳහා සැලසුමක් තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් පිට පිට බලයට පැමිණි තුන්වන දේශපාලනඥයා ද මේ අන්දමින් පොරොන්දු කඩ කිරීම අතිශය කණගාටුදායක තත්වයකි.

නිදහසේ වේදිකාව නම් වන අප මෙම අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බල කර සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රාජ්‍ය නායකත්වය ස්ථිරව ම පාර්ලිමේන්තුවට වග කියන පරිදි වෙනස් කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

නව පාර්ලිමේන්තු සැසිවාරයට හා යම් යම් වෙනස්කම් කරන ලද ඇමති මණ්ඩලයට සුබ පතන අතර ජනතාවට පොරොන්දු වූ පරිදි ජාතීන් අතර සංහිදියාවලආර්ථික සමෘද්ධියල යහපාලනයල නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අධිෂ්ටානශීලීව හා ජවසම්පන්නව ක්‍රියාත්මක වන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිමු.


මෙයට
කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන්
පිලිප් දිසානායක  - 077 7749740
ජයතිලක බණ්ඩාර - 071 682 5829
ෆ්‍රෙඞී ගමගේ  - 077 727 5171
2018.05.08






2018-05-08
Advertisement

Find us on Facebook