English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“අපි සිරිසේනව විශ්‍රාම ඇරලා මාස ගානක් වෙනවා”- වික්‍රමබාහු කරුණාරත්න

“අපි ගෙනාපු සිරිසේනව විශ්‍රාම ඇරලා දැන් මාස ගානාවක් වෙනවා. දැන් මේ ඉතුරු වෙලා ඉන්නේ ඒ සිරිසේන නෙවෙයි පාවා දෙන සිරිසේන. එයා විශ්‍රාම යන කෙනෙක් නෙවෙයි. එයා ඉදිරියේදී මහින්දට කරගන්න බැරි වූ විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. අලුත්ම කතාවෙන් ඔප්පු වෙනවා ඔහු මොනාටද ඇවිල්ල තියෙන්නේ කියන එක ගැන. ඔහු පාවා දෙන්නෙක් ”

අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2020 දී විශ්‍රාම නොයන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය වෙත මෙසේ අදහස් පළකළේය.

“ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන ව්‍යවස්ථාවක් හදල ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යන්න තියෙන ගමන කඩාකප්පල් කරලා දාන්න ආපු කෙනෙක් හැටියටයි මම ඔහුව දකින්නේ. ඔහු පුළුවන් තරම් උත්සහ කලේ රනිල් වික්‍රමසිංහ වට්ටන්න වැඩ කරපු එක. මෙයත් එක්ක ගිවිසුම් ගහගෙන වැඩ කරලා ජාතික ප්‍රශ්නෙට විසඳුම් හොයනව කියන එක ලොකු ප්‍රෙහෙලිකාවක්. මහින්ද රාජපක්ෂව අයින්කරලා මහින්දගේ ව්‍යාපාරය තමන්ගේ අතට ගැනීමක් තමයි ඔහුගේ ක්‍රියා කළාපයෙන් පෙනෙන්න තියෙන්නේ.”

“හොරු අල්ලන එක කාටත් කියන්න පුළුවන් හොරු අල්ලන එක දේශපාලනයක් නෙමෙයි එක ධනපති සමාජවල තුට්ටු දෙකේ වැඩක්. ඒවාට කෑගැහුව කියල ජගතෙක් වෙන්නේ නෑ.”

“ඉදිරියේදී ව්‍යවස්ථා වැඩපිළිවෙල තුල ලොකු ගැටුමකට මුහුණ දෙන්න වෙනවා. සිරසේන ඔහුගේ කඩුවෙන් රනිල් වික්‍රමසිංහව කපා දාල ඉදිරියට යන්න පුළුවන් කියල තමයි හිතන් ඉන්නේ. මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ අය අවබෝධයකින් කතා කරනවද කියලවත් හිතා ගන්න අමාරුයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට ගලා ආපු ජයග්‍රහණයන් අතරමග කඩලා දාන්න වාමාංශිකයන් හැටියට ඉඩ දෙන්න බෑ.”




2018-05-07
Advertisement

Find us on Facebook