English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“යහපාලන ආණ්ඩුව ගෝඨාබයට බයද?”

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

ඔවුන්ට රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් නැති බව හා බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දෙදෙනාට විශේෂ පහසුකම් ලැබෙන බවට බන්ධනාගාරයේම නිලධාරීහු චෝදනා කර තිබේ.

පසුගිය 24 වැනිදා වැලිකඩ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ගෙන එන අවස්තාවේදී අලුත්කඩේ උසාවිය ඉදිරිපිට බන්ධනාගාර රැඳිවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් පැවත් වූ  විරෝධතාවයේ නිරත වෙමින් වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් සිල්වා චෝදනා කලේ මෙම සැකකරුවන් දෙදෙනාට බන්ධනාගාරය තුළ විශේෂ සැලකිලි බුක්ති විඳින බවටයි.

එහිදී ඔහු වැඩි දුරටත් යහපාලන ආණ්ඩුවට චෝදනා කරමින් ආණ්ඩුවෙන් විමසා සිටියේ තවමත් එම ඝාතනයේ මහා මොළකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ හරින්නේ ඔවුන්ට බය නිසාද යන්නයි.

එම වීඩියෝව පහතින්...


 




2018-05-02
Advertisement

Find us on Facebook