English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීතියේ පාලනය ආරක්ෂා කිරීම සඳහා “අනිද්දා” පවුරක් වනවාට කිසිඳු සැකයක් නෑ - ජේ සී වැලිඅමුණ

“ලංකාවේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක අවධියක නව මුහුණුවරකින් හා විවාධාත්මක කාරණා එලි දක්වන්න පුළුවන් පුවත්පතක අඩුව අපිට දැනෙනවා. ඒ වාගේම ජනමාධ්‍ය තුළ දකින්නේ දේශපාලන බලකොටුවලට නැවත ශක්තිය දෙන්න හැදිච්ච දේශපාලන කලාවක්. මේ ඔස්සේ නුතන දේශපාලනය තීරණාත්මක කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වශයෙන් “අනිද්දා” වැදගත් වෙයි කියල හිතන්න පුළුවන්”

“මේ පුවත් පත තවත් පුවත්පතකට වැඩිය වෙනස් වෙන්න කාරනා කීපයක්ම තියෙනවා. එකක් තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෑහෙන කැපවීමක් කරලා පෑන හසුරවපු හා කතා කරපු අය ඉතා විශාල සංඛ්‍යාවක් “අනිද්දා” සමග ඉන්නවා. ඒ අනුව අනාගතේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහාත්, ඒ වාගේම නීතියේ පාලනය ආරක්ෂා කිරීම සඳහාත්, මෙය පවුරක් වෙනවාට කිසිඳු සැකයක් නෑ.”

නීතිඥ ජේ සී වැලිඅමුණ මහතා “අනිද්දා” පුවත් පත එලි දැක්වීමේ අවස්තාවට සහභාගී වෙමින් “අයිතිය” වෙබ් අඩවිය වෙත එසේ අදහස් දැක්වූ අතර, එම අදහස් පහත වීඩියෝවෙන්...


 




2018-04-30
Advertisement

Find us on Facebook