English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දෙමුහුන් අධිකරණයක් නොමැතිව ඝාතකයාට මෙන් අනුබල දුන් කෙනාට දඬුවම් දෙන්න බෑ...

“ලංකාව වගේ රටක යම් අපරාධයකට අනුබල දුන්නු කෙනාව මඟ හැරෙනවා, චුදිතයින්ට පමණයි දඬුවම් ලැබෙන්නේ. ඒ නිසා තමයි ජාත්‍යන්තරය කිව්වේ ලංකාව වගේ විශේෂ අපරාධ සිද්දවූ රටකට හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි කියල. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා හා අගමැතිවරයා නිෂ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කළා. එවැනි අධිකරණයකින් පමණයි අපරාධකරුත්, අනුබල දුන්නු කෙනත් දඬුවම් විඳින්නේ

“මෙම රජය බලයට පත්වෙද්දී පාවිච්චි කරපු අපරාධ කීපයක් තමයි රතුපස්වල සිද්දිය, හලාවත ඇන්ටනී ප්‍රනාන්දු ඝාතනය හා වැලිකඩ සිරකරුවන් ඝාතනය. දැනට වැලිකඩ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට පත්වෙලා තියෙනවා. නමුත් මෙම ඝාතනයට වග කිය යුතු, අනුබල දුන් නිලධාරීන් තවමත් නිදැල්ලේ. තවම ඔවුන්ට චෝදනාවක්වත් කරලා නෑ. සමහර වාර්තාවල සඳහන් වෙනවා ගෝඨාබය රාජපක්ෂ මේකට සම්බන්දයි කියල. නමුත් අද වෙන තුරු ඔහුගේ සාක්ෂියක්වත් සටහන් කරගෙන නෑ.” යැයි “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් සංවිධානයේ ප්‍රසංග ප්‍රනාන්දු මහතා ඊයේ (24) පැවසීය.

ඒ ඊයේ (24) වැලිකඩ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ගෙන එන අවස්තාවේදී අලුත්කඩේ උසාවිය ඉදිරිපිට බන්ධනාගාර රැඳිවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් පැවත් වූ  විරෝධතාවයට සහභාගී වෙමිණි.

එම අදහස් පහතින්...


 




2018-04-25
Advertisement

Find us on Facebook