English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නියෝමාල් රංගජීව හා එමිල් රන්ජිත් අද අධිකරණයට, බන්ධනාගාර රැඳිවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විරෝධතාවයේ.

වැලිකඩ සිර කඳවුරේ රැඳිවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) කැඳවූ අතර, එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා ඇතුළු නීතිඥ වරු තිදෙනෙක් පෙනී සිටියේය. එහිදී අධිකරණය විසින් සැකකරුවන් බන්ධනාගාරයට ඇතුළු වී ඝාතනයන් සිදු කලේ කාගේ  නියෝගයකටද යන්න අවධානය යොමුකළ බව නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය.

අද දින මෙහි සැකකරුවන් වන නියෝමාල් රංගජීව හා එමිල් රන්ජිත් යන අය අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, නැවත මෙම නඩුව මැයි 08 වනදා විභාගයට ගැනීමට නියමිතය.

තවද, මෙම සිද්ධියට විරෝධය පාමින් බන්ධනාගාර රැඳිවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් අද දින අලුත්කඩේ උසාවිය ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණි.

එම වීඩියෝව පහතින්...


 




2018-04-24
Advertisement

Find us on Facebook