English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“එකෙක් ද්‍රෝහියෙක් අනෙකාගේ කොන්ද පණ නෑ”- ගාමිණි වියන්ගොඩ
“අපේ රටේ කාලකන්ණි ඉරණම වෙලා තියෙන්නේ ද්‍රෝහී නායකයෙක් හා කොන්ද පණ නැති නායකයෙක් ලැබී තිබීමයි. එක පැත්තකින් ඉන්නවා 2015 ජනතා අභිලාෂයන් වෙනුවෙන් කෙලින් හිටගන්නවා වෙනුවට පරාජිත බලවේග වල ඉත්තෙක් වෙච්ච නායකයෙක්. අනෙක් පැත්තෙන් තමන් දරණ මතවාද හා ප්‍රතිපත්ති උඩ කෙලින් හිට ගන්න ශක්තියක් නැති නායකයෙක්.”

“රනිල් වික්‍රමසිංහගෙන් අපි ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද අපි ඔහුගේ භාවිතය දන්නවා. ඔහු මේ රටේ ධනපති ක්‍රමය තුල බිහි කරපු වඩාත් ප්‍රගතිශීලී, ලිබරල් ධනපති නායකයෙක්.  ජාතීන් අතර සංහිඳියාව, ජාතික ප්‍රශ්නයට විසඳුම් හා ජාතික සංවර්ධය වැනි දේවල් බලාපොරොත්තු විය හැකි පුද්ගලයා ඔහුයි. නමුත් ඔහුත් මඟ අරිනවානම් සමාව දිය නොහැකි වරදක් ඒක”  යැයි ගාමිණි වියන්ගොඩ මහතා අද (09) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති “විසවාසබංගයෙන් පසු යහපාලනය කොයිබටද” මැයෙන් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් අදහස් දැක්වීය..

තවත් අදහස් පහතින්...


 




2018-04-09
Advertisement

Find us on Facebook