English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විශේෂ අධිකරණ පිහිටුවීම පනත් සංශෝධනයෙන් පසුව

මහා පරිමාන රාජ්‍ය මුල්‍ය අපරාධ හා වංචා පිළිබදව සොයා බැලීම සදහා පත්කිරීමට නියමිතව ඇති විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ පිහිටුවීම සදහා අනුමැතිය සංශෝධයන්ට යටත්ව කි‍්‍රයාත්මක කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව දැනට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත මේ වන විටත් සංශෝධනය සදහා නීතිපති වෙත යොමු කර ඇත. ඉන් අනුතුරුව එම සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කිරීමෙන් බලාත්මක වන අතර මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම පනත සම්මතවීමෙන් පසුව දැනට ගොඩගැසී තිබෙන බරපතල ගණයට අයත් ¥ෂණ හා වංචා නඩු වභාගයට ගැනීම සදහා විශේෂ අධිකරණ තුනක් පලමු වටයේ දී පිහිටුවීමට සැලසුම් කර තිබේ. අවශ්‍යතාවය අනුව මෙම අධිකරණ ප‍්‍රමාණය ඉදිරියේ දී වැඩි කිරීමට ද බලාපොරොත්තුවන බව අමාත්‍ය අජිත් පී පෙරේරා පවසා තිබේ.  


 




2018-04-09
Advertisement

Find us on Facebook