English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අගමැතිවරයා විශ්වාස නෑ කියපු කැබිනට් ඇමතිවරු , දැන් ඉන්න දඟලන්නේ රෙදි ඇඳගෙනද?
විශ්වාසබංගයෙන් පරාජය වූ ඇමතිවරු තවදුරටත් අමාත්‍යධුර වල ඉන්න දඟලනවා, අගමැතිවරයා පරාජය වූවානම් මේ වෙනකොට ඔහු ඉවත් වෙලා. ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව හා අග්‍රාමාත්‍ය වරයා විශ්වාස නෑ කියපු කැබිනට් ඇමතිවරු හය දෙනා ඉන්නේ රෙදි ඇඳගෙන දැයි සමන් රත්නප්‍රිය අසයි.

“පසුගිය කාලයේ අපි දැක්ක එක්සත් ජාතික පක්ෂය හදන්න තමයි හැමෝම දඟලන්නේ. සමහරු නුවර ඉඳන් කොළඹට පා ගමන් පවා එනවා. ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ප්‍රතිසංවිධානයක් අවශ්‍ය නැද්ද? එකේ ඉන්නවා මේ රටේ ජනතාව ගෙදර යවපු අය. ජනතා පරමාදිපත්‍යයෙන් ගෙදර යවපු අය ජනාධිපතිවරයා විසින් මන්ත්‍රී වරු , ඇමතිවරු  කරලා තියෙනවා. ඒ අය ආණ්ඩුවට විරුද්ධව ඇත උස්සනවා”

එම නිසා ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුල හෑල්ලු කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යා හැකි අවස්තාවක් බවටද, සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දේ.

ඒ ඊයේ (06) විශ්වාසබංගය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කල මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි. එය කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

සම්පුර්ණ අදහස් පහත වීඩියෝවෙන්...


 




2018-04-07
Advertisement

Find us on Facebook