English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“විශ්වාසබංගය” අවරුදු තුනක් ඇතුලත මෛත්‍රීපාල සිරිසේන ලැබූ තුන්වන පරාජයයි. - ගාමිණි වියන්ගොඩ

“වැරදි දේශපාලන ලයින් එකක් උඩ ගිය නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවරුදු තුනක් ඇතුලත රට සහ ජනතාව ඉදිරියේ පරාජයන් තුනකට මුණ දෙන්න සිද්ධ උනා. පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාර ගෙන මෝඩ රැලකගේ කීමට හොට බිම ඇන ගත්ත. දෙවනුව පෙබරවාරි 10 වැනිදා මැතිවරණයකට ගිහින් කිසි දවසක නොවුණු පරාජයක් අත් කර ගත්ත. දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසබංගයක් ගෙනල්ල පරාජය වෙලා තියෙනවා.”  

“2015 ජනවාරි 08 වූ පොරොන්දු ආපස්සට හැරවීමේ දේශපාලනික වැඩ පිළිවෙලක් මේ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේක අපි දැනගෙන සෑහෙන කාලයක් වෙනවා. නමුත් අපි මේක රටට කිව්වේ නෑ, මොකද අපි විශ්වාස කළා ජනාධිපති වරයා සමඟ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට හැකිවේ කියල” යැයි ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

ඒ ඊයේ (06) විශ්වාසබංගය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කල මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි. එය කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

එම සම්පුර්ණ අදහස් පහතින්...


 




2018-04-07
Advertisement

Find us on Facebook