English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විශ්වාසභංගයෙන් වැඩිම තුවාල සිදු වුයේ කාටද? පිලිප් දිසානායක

විශ්වාසභංගයෙන් වැඩි ඡන්ද 46ක් ලබා ගනිමින් පහසු ජයක් ලබා ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහට ඊයේ හැකි විය. ජනාධිපතිවරයා නියෝජනය කරන ශී‍්‍රලනිපයේ මන්තී‍්‍රවරු සියලූම දෙනා නැතිව වුවත් පාර්ලිමේන්තුවේ බැඩි බලය තමන් සතුව ඇති බව මෙම ඡන්ද ප‍්‍රථිපලයෙන් ඊයේ අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම විශ්වාසභංගය එක්තරා විදියකට එජප ඇතුලූ යහපාලන කණ්ඩායමට තම ශක්තිය උරගා බැලීමට ලබාදුන් අවස්ථාවක් විය. තම කණ්ඩායම් තුල පැවති විවිධ නොඑකගතාවයන්, කලකිරීම්, සිත්රිදීම් මොහොතකට අමතක කර තම පක්ෂය හා නායකත්වය ආරක්ෂා කරගැනීමට එකාමෙන් පෙලගැසීමක් ඊයේ පාර්ලිමේන්තුවේදී දිස් විය. වෙන විදියකට කියන්නේ නම් විශ්වාසභංගය තුලින් රනිල්ගේ නායකත්වයත්, එජාපයේ ශක්තියත් තව තවත් වර්ධනය විය.

අගමැතිවරයාට එරෙහි මෙම විශ්වාසභංග නාටකයේ අධ්‍යක්ෂකවරයා ජනාධිපතිවරයා වූ අතර සහාය අධ්‍යක්ෂකවරයා වුයේ ඝෝඨාභය රාජපක්ෂ මහතා බවට හෙලිවෙමින් තිබේ. පලමු වර මෙම යෝජනාව ගෙන එන අවස්ථාවේ ඊට ජනාධිපතිවරයාගේ පාර්ෂවයෙන් සහායක් නොලැබෙන බව දැන ඒකාබද්ධය විසින් එම අදහස අතහැර දමා තිබූ අතර, දෙවැනිවර මෙම යෝජනාව කඩි මුඩියේ ඉදිරිපත් වුයේ ශී‍්‍රලනිපයේ 35 දෙනෙකුගේ සහාය ලබා දෙන බවට පොරොන්දුවක් අදාල පාර්ශවයෙන් ඉදිරිපත් වීමත් සමගිනි.

මේ හරහා එජපයේ කොටසකගේ හා මුස්ලිම් කොන්ග‍්‍රසය ඇතුලූ සුලූ පක්ෂවල ද සහාය ලබාගෙන විශ්වාසභංගය ජයග‍්‍රහණය කරමින් ආණ්ඩුව තුලත් එජපය තුලත් අර්බුදයක් නිර්මාණය කරමින් ජනාධිපතිවරයාට අවනත අගමැතිවරයෙකු පත්කර ගැනීම මෙහි සැලැස්ම විය.

නමුත් සිදු වූයේ කුමක් ද? සැලැස්ම අතේ පත්තු විය. යෝජානාවට පක්ෂව අත්සන් කළ ජනාධිපතිවරයාගේ බටයන් දෙදෙනෙකුට ඡුන්ද ලබා දීමට පවා පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වීමයි. බලය තහවුරු කර ගැනීමට ගිය ජනාධිපතිවරයා සතුව තිබූ බලය දෙකඩ වී ජනාධිපතිවරයාගේ භූමිකාව රටට හෙලි වී වීමයි.

ජනාධිපතිවරයා පමනක් නොව ඒකාබද්ධ විපක්ෂයද අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධව කැපූ වලේ අද ඇද වැටී තිබේ. පලාත් පාලන මැතිවරණයෙන් පසු තිබු ඔවුන්ගේ දීප්තිමත් මුහුණු මැලවී සදුමැලිවී ගොස් තිබේ. ඊයේ ඔවුන් පාර්ලිමේන්තුවේ සිදු කළ දෙකයි පණහේ කතා තුලිනුත් එය තවදුරටත් තහවුරු විය.

ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ ඉතා හරවත් කතා තුලින් පෙනී ගිය ආකාරයට අපටත් වඩා හොදට මෙම කුමන්ත‍්‍රණය පිළිබදව දැන ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ අවසානයේ එම කුමන්ත‍්‍රණකරුවන් සමග එක්ව ඡන්දය ප‍්‍රකාශ කිරීම කිසිසේත් තේරුම් ගැනීමට නොහැකි කාරනාවක් විය. නමුත්, දෙමළ ජාතික සංධානය ඔවුන් කෙතරම් අත්දැකීම් සහිත හා මුහුකුරා ගිය දේශපාලන සත්වයින් පිරිසක් ද යන වග නැවතත් මැනවින් පෙන්වා දුන්නේය.

ඔවුන් කලින්ම එම ස්ථාවරයට නොඑන්නට විමල් වීරවංශ කියු ආකාරයට විශාල වශයෙන් මොනරු මලූ  එහෙට මෙහෙට වීමෙන් සිදු වන ඔලූගෙඩි වෙනස් වීමකින් මීට වඩා හාත්පසින් වෙනස් ප‍්‍රථිපලයක් ලැබී කුමන්ත‍්‍රණකරුවන්ගේ අපේක්ෂාවන් ඉටු වීමට ද ඉන් අවස්ථාව තිබුනි. එසේ වූවා නම් 2015 ජනවාරි 08 ට පෙර තිබූ තැනටත් අප රට අපරාධකරුවන් හා නීලකාස හොරුන් විසින් ඇද ගෙන යනු නොඅනුමානය. නමුත් අපේ වෛරක්කාරී දෙමලූ නැවතත් අපව ඉන් මුදා ගන්නා ලදී.

පිලිප් දිසානායක



2018-04-05
Advertisement

Find us on Facebook