English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහරාජාගේ ඊළඟ ගේම් ප්ලෑන් එක
ප්‍රතිභා මහානාමහේවා
ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන හවුල්කරුවකු වූ මහරාජාගේ සිරස නාලිකාව අද උදෑසනින් ම අචාර්ය ප්‍රතිභා මහානාමහේවා නම් දේශපාලන කුලී හේවායා ගෙනැවිත් සිය ඊළඟ ගේම් ප්ලෑන් එක රටට හෙළිදරව් කළේ ය.

එහි තිබෙන මූලික කරුණු වන්නේ මේවා ය.

විශ්වාස භංගයේදී කවුරුදෝ කාවද සල්ලිවලට ගත් බව මහානාමහේවා පවසයි. නීතිකාරයකු බැවින් නිශ්චිතව කිසිවක් නො කියන්නට පරිස්සම් වෙමින් ඔහු විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය මුදලට ගත් බව අඟවයි. ඉතා ම සුළු කාලයක් ඇතුළත නිවේදක බුවා එය කරුණක් ලෙස සාමාන්‍යකරණය කරනු දැකිය හැකි විය.

මහානාමහේවා කී තවත් කරුණක් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ කරුණු 10ක් සහිත කොන්දේසි මාලාවකට එජාප එකඟ වී ඇති බවයි. එහි උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කර ගැනීමේ හා රට ෆෙඩරල් ක්‍රමයක් වෙත තල්ලු කිරීමේ කොන්දේසි ඇති බව ඔහු පැවසී ය.

මේ වනාහි ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය ඇවිස්සීම සඳහා ඉදිරියේදී පාවිච්චි කරනු ලබන සටන් පාඨයි.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් සහ සෙසු රනිල් විරෝධී බලවේග දෙසට වල් ආසි කීපයක් ගසනු ද දකින්නට ලැබිණි. ඒ වා නම් වා පෝ නම් පෝ කියා ය.

කොහොම වුණත්, සිරසේ ගේම් ප්ලෑන අවසානයේදී සෙට් වන්නේ ඉතා පැහැදිලිව ම ජාතිවාදය මත ය. සිරසේ පමණක් නො ව, පොහොට්ටුවේ ද, තව බොහෝ අයගේ ද ස්ථාවර නවාතැන ජාතිවාදයයි.

ජාතිවාදයට මුහුණ දිය හැක්කේ නො බියව එයට එරෙහිව සිට ගැනීමෙනි. මෛත්‍රීපාල පන්නයේ සෙවල ප්‍රතිපත්තිවලින් නම් නො වේ.

උපුටා ගැනීම - http://www.w3lanka.com/




2018-04-04
Advertisement

Find us on Facebook