English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රජය කෙරෙහි සිවිල් සමාජ තුල තිබෙන්නේ වෙනස් ආකාරයේ කලකිරීමක් - පිලිප් දිසානායක

“රටේ මේ මොහොත වෙද්දී රජය කෙරෙහි බොහෝ අය කලකිරීමට පත් වෙලා. යහපාලන  රජය ගෙන ඒමට කටයුතු කල සිවිල් සංවිධාන විදියට අපිත් යම් කල කිරීමක ඉන්නවා. අපිට තියෙන්නේ ජනවාර් 08 පරාජය වූ බලවේග වලට තිබෙන කලකිරීමට වඩා වෙනස් එකක්. ඒ තමයි යහපාලන රජය පොරොන්දු වූ ආකාරයට අවශ්‍ය පියවරයන් ගැනීම කඩිනම් නොකිරීම පිළිබඳව තිබෙන කලකිරීමයි.”

“ඒ විතරක් නෙමේ රජයේ මන්ත්‍රී වරු ගන්න තීරණ ගැන පවා යම් කලකිරීමක් තියෙනවා. ඒ තමයි සමහර මන්ත්‍රී වරු පොලිස් නිළධාරීන් ඉවත් කරන්න කියල පාරවල් වල නිදාගන්නවා. ඒ මන්ත්‍රී වරු දන්නේ නෑ රටේ ස්භාවය වෙනස් වෙලා, රාජ්‍ය නිලධාරීන් වෙනස් කිරීමේ බලය ස්වාධීන කොමිෂන් සහාවලට පැවරිලා කියල.”

පිලිප් දිසානායක මහතා එම අදහස් පැවසුවේ. අද කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ (CSR) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එය “නිදහසේ වේදිකාව” විසින් සංවිධානය කර තිබුණි.  

ඔහු පැවසු තවත් අදහස් පහතින්...


 




2018-03-29
Advertisement

Find us on Facebook