English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අගමැති සමඟ සාකච්ඡාව සාර්ථකයි, NGO පනත හකුලා ගනී.

යෝජිත සිවිල් සංවිධාන මර්ධන පනත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් හා අගමැතිවරයා අතර අද (27) පස්වරුවේ පැවති සාකාච්ඡාව සාර්ථකවූ අතර, සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් පිළිගනිමින් 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම) පනත අත්හිටුවා ගැනීමට අගමැතිවරයා එකඟ විය.

සිවිල් සංවිධාන නියෝජිතයින් එහිදී එකහෙලා කියා සිටියේ මෙම පනත මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන බවත්, මෙය යහපාලන ප්‍රතිපත්තිවලට විරුද්ධ බවත් නිසා කිසිඳු සංශෝධනයකට හෝ එකඟ වීමකට සුදානම් නොවන බවයි. අනතුරුව එම අදහස් පිළිගත් අගමැතිවරයා මෙම පනත අත්හිටුවන බවට එහිදී තීරණය කළේය.

තවද, අනාගතයේදී මෙවැනි පනතක් ගෙන ඒමට අවශ්‍ය වුවොත් ඒ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 7 කගේ සහබාගීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමටද මෙම සාකාච්ඡාවේදී තීරණය විය.

මෙම සාකච්ඡාව සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය, ජාතික සාම මණ්ඩලය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජාතික ධීවර සහයෝගීතාවය, පැෆරල් සංවිධානය හා මොන්ලා ආයතනය ඇතුළු සංවිධාන නියෝජනය කරමින් සිවිල් සංවිධාන නියෝජිතයින් 30 ක ප්‍රමාණයක් සහභාගී වූ අතර, රජය පාර්ශවයෙන් අගමැතිවරයා, අගමැති ලේකම් වරයා හා විෂයභාර අමාත්‍ය මනෝගනේෂන් මහතා ඊට සහභාගී විය.




2018-03-27
Advertisement

Find us on Facebook