English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


TNA විශ්වාසභංගයට විරුද්ධව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් එම සන්ධානය පෙරේදා (25) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 16 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරති. දැනට චීනයේ නිල අධ්‍යයන සංචාරයක නිරතව සිටින නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් අඩෛක්ලනාදන් මහතා අප්‍රේල් 01 දා ලංකාවට කැඳවීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ. ඒ මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ අප්‍රේල් 03 දාය. ද්‍රවිඩ සන්ධානය ගත් තීරණය ලබන 02 දා නිල වශයෙන් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය

උපුටා ගැනීම - “දිනමිණ”




2018-03-27
Advertisement

Find us on Facebook