English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


NGO පනත ගැන කතාකරන් සිවිල් සංවිධාන හෙට අගමැති හමුවෙයි
 යෝජිත සිවිල් සංවිධාන මාර්ධන පනත පිළිබදව තම අදහස් දැක්වීම සදහා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් හෙට (27) අගමැතිවරයා මුණැගසීමට නියමිතයි. දැනටමත් මෙම පනත පිළිබදව දැඩි විරෝධයක් දක්වන සිවිල් සමාජ නියෝජිතයින් මෙම පනත කි‍්‍රයාත්මක වීම තුලින් සිවිල් සංවිධානයන් හි ස්වාධීන කි‍්‍රයාකාරීත්වට ඉන් දැඩි බලපෑම් ඇති වන බවත්, මෙම නව පනත ස්ථපිතවීම තුලින් බිහිවන වන නිලධාරීන් කිහිප දෙනෙකුට තම සිතැගියාවන් අනුව සිවිල් සංවිධාන පාලනය කිරීම සදහා විශේෂ බලයක් මෙම පනත හරහා පැවරෙන බවත් සිවිල් සංවිධාන නියෝජිතයෙකු අයිතිය සමග පැවසීය.

එමෙන්ම මෙම පනත කි‍්‍රයාත්මක වුවහොත් වර්ෂයකට රුපියල් දසලක්ෂයකට වඩා වැඩියෙන් ගණුදෙනු සිදු කරනු ලබන සෑම ස්වේච්ඡා සංවිධානයක්ම මෙහි ලියා පදිංචි විය යුතුව තිබේ. ඒ අනුව දැනට කි‍්‍රයාත්මක මරණාධාර සමිති, ගොවි සමිති, පුන්‍යධාර සමිති, වැඩිහිටි සමිති ඇතුලූ වෙනත් විවිධ ක්ෂේත‍්‍ර වෙනුවෙන් කි‍්‍රයාත්මක බොහෝ සමිති පවා මෙහි ලියාපදිංචි කළ යුතුව ඇත.

එමෙන්ම, සමිතියකින් තවත් සමිතියක් සදහා කරනු ලබන රුපියල් දසලක්ෂයකට වඩා වැඩි මුදල් හුවමාරු, ලිපිනය වෙනස් කිරීම්, ව්‍යාවස්ථාවේ යම් වගන්තියක් වෙනස් කිරීම් වැනි කරණු සදහා මෙම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ අනුමැතිය ගත යුතුව තිබේ.

ඒ අනුව මෙම පනත කි‍්‍රයාත්මක වීම තුලින් සංවිධානය විමේ හා අදහස් ප‍්‍රකාශ අයිතියට සීමා පැනවෙන අතර අය නව රජයේ යහපාලන ප‍්‍රතිපත්ති පවා උල්ලංඝණය කිරීමක් ද වේ. මෙම පනත සම්බන්ධව අධ්‍යයනය කළ බොහෝ සිවිල් සංවිධාන පවසා සිටින්නේ මෙහි ඇති මර්ධනකාරී ස්වරූපය මත මෙය කිසියම් හෝ සංශෝධනයකට හෝ ලක්ව සම්මත කිරීමට වත් ඉඩ ලබා දිය නොහැකි බවත් මෙම පනත මුලූමනින්ම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට රජයට බලපෑම් කල යුතු බවත්ය.

පසුගියදා මේ සම්බන්දව පැවති සිවිල් සමාජ නායකයින්ගේ හමුවක දී මෙම පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බලකෙරෙනෙ ප‍්‍රකාශයක් නිකුත් කිරීමටත්, මෙම පනත ගෙන ඒම නවතා දමන ලෙසට අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමටත් තීරණය වූ අතර, අගමැතිවරයා සමග පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටත්, මෙම පනත හකුලා නොගන්නේ නම් ඊට එරෙහිව විශාල විරොධතා ව්‍යාපාරයක් ගෙන යන්නටත් තීරණය කර ඇත.   




2018-03-26
Advertisement

Find us on Facebook