English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විශ්වාසභංග උගුලේ පැටලූනේ රනිල් විතරද..?


රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය මේ දවස්වල කතා වෙන උනුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරු 4 දෙනෙකුගේ ද අත්සන් සහිතව මහින්ද රාජපක්ෂ ඇතුලූ එකාබද්ධ විපක්ෂය විසින් පසුගිදා මෙම විශ්වාසභංග යෝජනාව කතානාකයකවරයා වෙත භාරදී තිබුනි. මේ සම්බන්ධව විවාදය හා ඡන්ද වීමසීම අපේ‍්‍රල් 4 දින පැවැත්වීමට දැනට තීරණය වී තිබේ.

අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයක් ගැන මීට පෙර අවස්ථා කිහිපයක දී කතා වුවත්, එය ප‍්‍රායෝගිකව කළ හැකි තත්ත්වයකට පත්වුයේ පසුගියදාය. මෙම යෝජනා ගෙන එන්නට සුමාන කිහිපයකට පෙර මේ සම්බන්ධව විශාල උනුසුමක් නැවත නිර්මාණ වූ නමුත්, එම උණසුම ශනයෙන් නීවී ගියේ බලාපොරොත්තු වූ ආකාරයෙන් එජාපයේ කොටසක් කඩා ගැනීම හා ශී‍්‍රලනිපයේසහාය මීට ලබා ගැනීමට යෙදූ උප්පරවැට්ටි  අසාර්ථක වු නිසාය.

නමුත්, අගමැතිවරයාට එරෙහි විශ්වාසභගංය නැවත කරලියට එන්නේ ශී‍්‍රලනිපයේ ප‍්‍රබලයෙකුන් ලැබුනු "ඇෂුවරන්ස්"  එක නිසාය. තම කණ්ඩායමේ පුර්ණ සහාය ලබා දීමට ඔහු කටයුතු කරන බවට ලැබුනු පොරොන්දුව මත නැවත මෙය කරලියට පැමිණි නමුත්, ඔහුගේ පොරොන්දු පිළිබදව තව දුරටත් විශ්වාසය තැබිය නොහැකි බවට මහින්ද රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකුගේ අදහස් වී තිබේ. නමුත් එකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ බහුතර මන්තී‍්‍රවරුන්ගේ ඉල්ලීමට ඉඩ ලබාදෙමින් මෙම යෝජනාව කතානායකවරයා වෙත බාරදීමට පැමිණීමට එකග වුවත් මහින්ද රජපක්ෂ ඊට අත්සන් තබා නැත්තේ ඉහත පුද්ගලයා සම්බන්ධව පවතින අවිශ්වාසය හේතුවෙනි.

ඒ කෙසේ වෙතත් අද වන විට රනිල්ට ඇටවූ මෙම උගුලට බොහෝ දෙනෙකු පැටලී සිටී. පොරොන්දු වූ පරිදි ශී‍්‍රලනිප සහාය ලබා දීම සම්බන්ධව තවමත් එකගත්වයකට පැමිණීමට නොහැකි වී ඇති අතර, ඒ පිළිබදව තීරණය කෙරෙන මධ්‍යම කාරක සභා සාකච්ඡාව දිනෙන් දින කල් යන ලකුණු පෙනෙන්නට තිබේ. එමෙන්ම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන තීරණයකට ශී‍්‍රලනිපය පැමිනියොහොත්, 2015 ජනවාරි 08 යහපාලන ආණ්ඩුව ගොඩනැගීම වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ හිටපු ආණ්ඩුවෙන් ඉවත් වූ නායකයන් කිහිපපොලක් එම තීරණයට විරෝධය පාමින්, විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බව ද වේ.

මෙවැනිම අර්බුදයකට මහින්ද රාජපක්ෂ මහතා ද මුහුණ දී සිටී. බැරිවෙලාවත් විශ්වාසභංගයෙන් වර්තමාන අගමැතිවරයා පරාජය වුවහොත්, ජනාධිපතිවරයාට වඩා විශ්වාස පුද්ගලයෙකු අගමැති කර ගැනීමට ඔහුට ඉන් අවස්ථාව හිමි වී ඒ තුලින් වාර්තමාන ජනාධිපතිවරයා තව තවත් ශක්තිමත් වී 2020 මැතිවරණයට ද එය බලපෑමක් විය හැකි බවත්, නව අගමැති ලෙස තවත් නායකයෙකු මේ හරහා ගොඩනැගීම තවත් අවාසියක් වනු ඇති බවත් ඔහුගේ අදහස් වී තිබේ.

කෙසේ වෙතත් මේ වන විට රනිල්ට ඇට වූ උගුලේ වර්තමාන හා හිටපු ජනාධිපතිවරයා ඇතුලූ තවත් බොහෝ දෙනෙකු පැටලී සිටී. යම් හෙයකින් අගමැතිවරයා මෙය ජයග‍්‍රහණය කළ හොත් අගමැතිවරයාගේ නායකත්වය තව තවත් තහවුරු වී වර්තමාණ ආණ්ඩුව හා එජාප නායකත්වයත් ශක්තිමත් වී 2020 මැතිවරණයට තවත් ශක්තිමත්ව මුහුණ දීමට ඔහුට ඉන් හැකියාව උදා වනු ඇත.

නමුත්, පලාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය දුන් සාමාන්‍ය ජනයා කල්පනා කරනුයේ මෙම විශ්වාසභංගයෙන් රනිල් ගෙදර යවා නැවත මහින්ද රජපක්ෂ අගමැති පුටුවේ වාඩිකර රාජපක්ෂ රජයන් නැවත ඇති කර ගැනීමට මින් අවස්ථාව උදාවෙනු ඇති කියාය.

පිලිප් දිසානායක       
         
 




2018-03-26
Advertisement

Find us on Facebook