English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඔව් ! අපි උතුරේ අතුරුදහන්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා.


ඔව් ! අපි උතුරේ අතුරුදහන්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා. අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනීසිටීමේ ශූද්ධවු අයිතිය තහවුරුකරමු ! සිය`ඵ ආකාරයේ අතුරුදහන් කිරීම් වහා නවතා එම පවුල්වල අයට හිරිහැර කිරීම, බිය වැද්දීම වහා නවතා, සත්‍යය හෙළිකර, නීතිය ක‍්‍රියාත්මක කරමින් එම පවුල්වල අයට ජීවත් විම සඳහා සහන ලබා දියව්  යනුවෙන් සටහන් කර තිබුණේ අගෝස්තු මස 30 වෙනිදාට යෙදුණු බලහත්කාර අතුරුදහන් කරවීම්වලට ගොදුරුවු වින්දිතයින් වෙනුවෙන් වෙන්කර තිබුණු  ජාත්‍යන්තර දිනය සමරමින්, එහි වර්තමාන තත්ත්වය පිළිබඳව සිවිල් ජනතාව දැනුවත් කිරීමෙහිලා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් මුද්‍රණයකර බෙදාහරිණු ලැබු පත‍්‍රිකාවෙහිය. 


එම සම්පුර්ණ පත‍්‍රිකාව මෙසේය;

ඔව් ! අපි උතුරේ අතුරුදහන්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා.
අද, අගෝස්තු මස 30 වන දින බලහත් කාර අතුරුදහන් කරවීම් වලට ගොදුරු වු වින්දිතයන් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර දිනයයි.

එය අද ලෝකය පුරා සැමරෙන්නෙ, මිනිස් කමට එරෙහි වූ කෘරතර අපරාධයක් වූ අතුරුදහන් කරවීම් වලට විරෝධය පෑමක් වශයෙනුයි.

අද අපි එය වව්නියාවේදි සමරනවා.

1989 දකුණේ කැරැල්ලේදීත්, ඉන්පසු උතුරු නැගෙනහිර යුද්ධයේදීත් මේ අපරාධය එ් ආණ්ඩු වලින් සිදුවුනා. එය සිදුවන්නේ දකුණේද, උතුරේද, සිංහල, දෙමළ, මුස්ලිම් කියා බලන්නේ නැතුව අපි එයට විරුද්ධ විය යුතුමයි. නීතියට පිටින් සිදුවන මෙවැනි අපරාධ කුමන ආණ්ඩුව සිදු කලත් අප ඊට විරුද්ධ විය යුතුයි. LTTE සංවිධානයටත් මේ පිලිබඳව චෝදනා නැගෙනවා.

1989 දකුණේ සිදුවූනු අතුරුදහන්වීම් වලට විරුද්ධව පෙරමුණ ගත්තේ, උද්ඝෝෂණ මෙහෙය වූයේ එ් වෙනුවෙන් සිවිල් සංවිධාන නියෝජනය කරමින් ජිනීවා ගිහිල්ලා, ශී‍්‍ර ලංකාවේ අතුරුදහන්වීම් නැවැත්වීමට රජයට බල කිරීම වෙනුවෙන් සම්බාධක හරි පණවන්න කියල ඉල්ලූවේ, වෙන කවුරුත් නොවේ. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂයි.

නමුත් අද අතුරුදහන් කරවීමි පිළිබඳව ප‍්‍රධාන චෝදනා එල්ල වෙන්නේ එ් මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවටයි. අද අතුරුදහන්වීම් වලට විරුද්ධව පෙනී සිටින අයව මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව හඳුන්වන්නේ ද්‍රෝහියෝ, රට පාවා දෙන්නෝ හැටියටයි.

ජාතික කොමිසමක් පත් කරලා මේ අතුරුදහන්වීම් ගැන සොයන්න. නමුත් කොමිසන්වල අතීත අත්දැකීම් සහ රජයේත්, කොමිසමේත්, කි‍්‍රයාකාරීත්වයන් මත සාධාරණයක් ඉටුවේය යන විශ්වාසය බිඳ වැටිලා.

උතුරු නැගෙනහිර අතුරුදහන් වූ අයගේ පවුල්, ඒ සම්බන්ධව කි‍්‍රයා කිරීම දුර්වල කරන්න, එ් අයව බය කරන්න, රජය විවිධ කි‍්‍රයාමාර්ග ගන්නවා. අතුරුදහන් වූ තම පවුලේ කෙනාව සොයන්න උත්සාහ කළහම, දැනට ජිවත් වන පවුලේ අනෙක් අයට කරදරයක් වේ යැයි යන බිය, විවිධ වූ කි‍්‍රයා මගින් ආණ්ඩුව එ් පවුල් වලට ඇති කරලා තියෙනවා.

ජයකුමාරි සහ ඇයගේ දරුවාගේ සිද්ධිය එයට හොඳ සාක්ෂියක්.

මරණ සහතික ගන්න කියලා විවිධ වූ බලපෑම් කෙරෙනවා. එහෙම ගත්තොත් මුදල් ලක්‍ෂ ගණන් දෙන්නම් කියනවා. කොමිසම රැුස්වෙන දවසටම පවුල්වල අයව හමුදාව මගින් වෙනත් තැන් වලට රැුස් කරල බලපෑම් කරනවා. දකුණට ගියහම ඇතම් හාමුදුරුවරු ඇතුළු මැරයෝ යොදල බිය ගන්වනවා. කොමිසමට යන අයටත් බලපැම් කරනවා.  

තම පි‍්‍රයයන්, දරුවන් වෙනුවෙන් වැළපෙන්න, උන්ට සිදු වූ දේ ගැන සත්‍යය දැන ගන්න, එ් පවුල් වලට අයිතියක් තියෙනවා. එ්ක ශුද්ධවූ අයිතියක්.

මොන බලපැම්, තර්ජන ආවත් මේ ශුද්ධවූ අයිතිය යටපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. උතුරෙනුත් දකුණෙනුත්, නැගෙනහිරෙනුත් වව්නියාවට අද එකතු වෙලා දෙමළ, සිංහල, මුස්ලිම් ජාති හෝ ආගම් බේදයකින් තොරව ජාත්‍යන්තර දිනය සමරමින්, මනුස්සකම අගයන ලෝකවාසී ජනතාවත් එක්ක අප ආණ්ඩුවට කියා සිටින්නේ,

    සිය`ඵ ආකාරයේ අතුරුදහන් කිරීම් වහා නවතව් !
    එ් පිලිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තිය සම්මත කරමින් එය අපරාධයක් ලෙස නීතිගත  කරව් !
    එම පවුල්වල අයට හිරිහැර කිරීම, බිය වැද්දීම වහා නවතව් !
    සිදු වූ දේ පිළිබඳව ඔවුනට සත්‍ය හෙලිකරව් !
    එම පවුල්වල අයට ජීවත් විම සඳහා සහන ලබා දියව් !



බලහත්කාර අතුරුදහන් කිරීම් වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය
2014 අගෝස්තු 30
සැමරුම උදේ 9.30 සිට සවස 2.00 දක්වා
වව්නියාව සංස්කෘතික මධ්‍යස්ථානයේදී
සංවිධානය : බලහත්කාරයෙන් අතුරුදහන් කල ඥතීන් සොයා යන පවුල් එකතුව

-    මරින් නිලාෂිනි
-    ඡයාරූප මෙලනි මානෙල් පෙරේරා




2014-08-31
Advertisement

Find us on Facebook