English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


NGO පනත ගැන අගමැති ලේකම් සමඟ සාකච්ඡාව සාර්ථකයි.

කැබිනට් අනුමැතිය ලැබී ඇති යෝජිත 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම) පනත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් වරයා විසින් අද (23) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කැඳවීය.

මේ සාකච්ඡාව සඳහා සිවිල් සංවිධාන වෙනුවෙන් අචාර්ය ජෙහාන් පෙරේරා, රෝහණ හෙට්ටිආරච්චි, සමන් රත්නප්‍රිය, එස් .සිවගුරුනාදන්, පිලිප් දිසානායක, ප්‍රබෝධ රත්නායක හා පද්මිණී වීරසුරිය ඇතුළු පිරිසක් සහභාගී විය.

මේ සාකච්ඡාවේ දී පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් පනතේ තිබෙන දැඩි මර්ධනකාරී ස්භාවය හා යහපාලන විරෝධී කරුණු පැහැදිළි කරනු ලැබූ අතර, මෙම කෙටුම් පත ගෙන එන ලද්දේ ජාතික මට්ටමේ සිවිල් සංවිධාන වල මත විමසුමකින් තොරව බවද ලේකම් වරයාට පැහැදිළි කළේය.

එම කරුණු පිළිගත් ලේකම් වරයා මේ සම්බන්ධව අගමැති තුමා මුණ ගැසී කරුණු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් සුඋදානම් කරන බවටද සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ පොරොන්දු වූ අතර, මෙම පනත ගැසට් කිරීම අත්හිටුවා ඇති බවත්, අගමැතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවටත්, ලේකම් වරයා එහිදී ප්‍රකාශ කළේය.

රටේ වෙනසක් වෙනුවෙන් කැපවූ සිවිල් සංවිධාන හා රජය අතර ගැටුමක් නිර්මාණය කිරීම සඳහා මෙවැනි මර්ධනකාරී පනතක් ගෙන ආ නිලධාරීන් පිළිබඳව අග්‍රාමාත්‍ය වරයාගේ විශේෂ අවධානය යමු වී ඇති අතර, බොහෝ දුරට මෙම පනත ක්‍රියාත්මක නොවනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙවා දෙයි.




2018-03-23
Advertisement

Find us on Facebook