English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්න


දුෂිතයින් වංචා කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට සහමුලින්ම පටහැනි ස්ථාවරය ප්‍රතික්ෂේප කිරීම සඳහා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉල්ලා සිට. ඔහු විසින් නිකුත් නිවේදනය පහත දැක්වේ

මෙම ආරාධනය දුෂිතයින් වංචා කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට සහමුලින්ම පටහැනි ස්ථාවරය ප්‍රතික්ෂේප කිරීම සඳහායග  නීතිඥ වෘත්තියට පෙර අප සියලු දෙනාගෙන් ඉටුවිය යුතු ජාතික මෙහෙය කෙරෙහි අවධානය කිරීමටය.

අධිකරණ සංවිධාන පනත් සංශෝධනය
රජය මෙම  පනත් සංශෝධන ගෙන ඒමට ප්‍රධාන හේතුව රටේ නීතියේ ආධිපත්‍ය වැළලී යාමට එරෙහිව රටේ ජනතාවගෙන් එල්ල වන බරපතළ  චෝදනා වලට පිලියමක් ලෙසයග ජනතාවගේ අභිප්‍රායල හා අභිලාශය රටේ සම්පත් ප්‍රසිද්ධියේ සොරකම් කරනල පාර්ලිමේන්තුවේල ජනාධිපති හා කැබිනට් මණ්ඩලය හා ඉන් පිටත  සියලුම මංකොල්ල කරුවන්ට එරෙහිව දැඩිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහායග පැහැදිළිවම එක තැන පල්වෙන රටේ ප්‍රගතිය  සඳහා එවැනි මහාපරිමාණ අපරාධ කරුවන්ට නීතිය තීරණාත්මකව ක්‍රියාත්මක කිරීම පැහැදිළිවම  අවශ්‍ය වන්නේය.

සංශෝධනයේ අන්තර්ගතය හා අරමුණු
මෙම සංශෝධන ප්‍රකාර මහාධිකරණ විනිසුරන් තිදෙනෙකුගෙන් සමන්විත විනිශ්‍යය මණ්ඩලයක් හමුවේ :පනත් කෙටුම් පතේ 6 වන උපලේඛනයේ දක්වා ඇති* නීතිපති වරයා හෝ අල්ලස් හා දුෂණ කොමිසම විසින් එල්ල කරන අධිචෝධනා මත පවරන සියලුම බරපතළ අපරාධ නඩු නොකඩවා විභාග කිරීමටත්ල නිතිඥයන්ගේ වුවමනාවට එම නඩු කල් දැමීම ප්‍රතික්ෂේප කිරීමටත් බලය අධිකරණය වෙත පැවරෙයිග එසේම අධිකරණයය ප්‍රකාශයට පත්කරන තීන්දුව අභියෝග කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණිග මෙම පියවර ඉතා ප්‍රසංසනිය පියවරක් වන අතර නීතියේ ආධිපත්‍ය පිහිටුවන මෙම තීරණය ගත යුතුව තිබුනේ මෙට දශක කීපයකට ප්‍රථමයෙනි.

නීතිඥ සංගමය අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටීම
නමුත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට සංගමයේ ව්‍යවස්ථාවෙන් කැපවී සිටින නීතිඥ සංගමය මෙම පියවර ගැනීමට එරෙහිව එම පනත් කෙටුම් පත අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මණ්ඩලය සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට ඉදිරිපත් වී ඇති අතර පසුගිය 16 වනදා සංගමයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැහැදිළිවම ප්‍රකාශ කළේය.

සාමාජිකයින්ගේ අභිලාශයවන නීතියේ ආධිපත්‍ය යටපත් කිරීම
අගවිනිසුරු හා නීතිපතිව කටයුතු කල මොහාන් පීරිස් හා :මහින්ද රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පත්කරන ලදී.  හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් නවාස්ට එරෙහිව දුෂණ කොමිසම අපරාධ නඩු පවරන අවස්ථාවේදීදල එම නඩුව පවත්වාගන යාම අත්හිටුවීම සඳහා කරයුතු කලේද මෙම නීතිඥ සංගමය විසින්මය.

තම පෞද්ගලික වාසිය සඳහා ජනතාවගේ අධිකරණ බලය පාවාදීමේ චෝදනා මත දැනටමත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සරත් සිල්වාල ශිරාණි බණ්ඩාරනායකල මොහාන් පීරිස් හා කේ ශ්‍රීපවන්ට එරෙහිව පවරා ඇති දුෂණ නඩුවේදීද නීතිඥ සංගමය  ජනාධිපති නීතිඥයින් තුන්දෙනෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනිසිටිමින් විනිසුරන්ට එරෙහිව දුෂණ චෝදනා එල්ල කිරීමට කිසිම නීතිඥයකුට අයිතියක් නොමැති බවත් එවැනි නීතිඥයන් වෘතියෙන් නෙරපා හැරීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත චෝදනා එල්ල කර නඩු විභාග කල යුතු බවත් ප්‍රකාශ කළේය

සාමාජිකයින්ගේ කැමැත්තට පටහැනිව ක්‍රියා කිරීම                       
රටේ නීතියේ ආධිපත්‍යයේ සැබෑ තත්ත්වය මෙයයිග නීතිඥයින් 15000 කගෙන් පමණ සමන්විත සාමාජිකයින්ගෙන් 3000 ක චන්දය ලබාගෙන රටට කරන බලවත් අපරාධය හමුවේ ඔබට තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව කරුණාකර තේරුම් ගන්නග අපරාධකරුවන් රකින මාෆියා සංවිධානයක් බවට පත්වී ඇති නීතිඥ සංගමයේ සැබෑ තතත්වය නුවනින් අවබෝධ කර රට නිසි මගට යොමු කිරීමේ පරම වගකීමක් ඔබට ඇත

ඇතිවී ඇති ඛෙද ජනක තත්ත්වය සාකච්චා කිරීමට සංගමයේ මහා සභා රැස්වීමක් වහාම කැඳවීමට මා තීරණය කර ඇති අතර සංගමයේ ව්‍යවස්ථාව ප්‍රකාර ඒ සඳහා සාමාජිකයින් 100 දෙනෙකුගේ මනාපය අවශ්‍ය වෙයිග මේ සඳහා පියවර වහාම හෙට සිටම ගනු ලබන අතර සංගමයේ සාමාජිකයින් රැසක් ඒ සඳහා දැනටමත් ඉදිරිපත් වී ඇත හෙට පටන්ගෙන එක් දිනක් තුල අවසන් කිරීමට නියමිත මෙම සද්කාර්යයට ඔබ හැමගේ නොමද සහාය අපේක්ෂා කෙරෙයි

ස්තුතියි
නාගානන්ද කොඩිතුවක්කු
මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනීසිටින නීතිඥ (ශ්‍රී ලංකාව) සොලිසිටර් (එංගලන්තය)


2018-03-20
Advertisement

Find us on Facebook