English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


”සත්‍යය හෙළිකරනු-ඔවුන් ගෙදර එවපල්ලා”


බලහත්කාර අතුරුදහන්කරවිම් වලට එරෙහි ජාත්‍යන්තර දිනය අද එනම් අගෝස්තු 30  වනදාට යෙදි තිබෙන අතර, එය සමරුනු වස්, මෙවර එය උතුරේදි සිහිකැඳවමින් වව්නියාවේදි සම්මන්ත‍්‍රණයක් සහ බලහත්කාර අතුරුදහන්කරවිම් වලට එරෙහිව විරෝධතාවක් ද පැවැත්විණි. සම්මන්ත‍්‍රණය සාර්ථකයි. විරෝධතාවට පොලූ හා කුළු පොලිස් සහායෝගය!


ශ‍්‍රි ලංකාවේ දී බලහත්කාර අතුරුදහන්කරවිම් වලට භාජනය වු පුද්ගලයින්ගේ පවුල්වල ඥාතින් ද, උතුරේත් දකුණෙත් අතුරුදහන්වුවන් පිළිබඳව සොයාබලන , ඔවුන් වෙනුවෙන් සහයෝගයේ සහ හොඳ හිතේ දැත් දිගුකරනා සිවිල් සංවිධානවල නියෝජිතයින් ද, කිතුණු බොදුණු ආගමීක නායකත්වයන් සහ දමිළ සිංහළ විපක්‍ෂයේ දේශපාලන නියෝජිතයින් ද සිවිල් පුරවැසියන් ද 700කට ආසන්න පිරිසක් වව්නියාව නගර සභා ශාලාවේදි ඒකරාශි වෙමින් ”සත්‍යය හෙළිකරනු-ඔවුන් ගෙදර එවපල්ලා”,”අතුරුදහන්කරවීම් නවත්වපල්ලා”,”අපේ කඳුළුවලට විසඳුමක් දීපල්ලා”,”අපට කරන කෙනෙහිලිකම් නවත්වපල්ලා” සහ ”ඔවුන් වෙනුවෙන් අපි තවදුරටත් සිටිනවා” යනුවෙන් ප‍්‍රකාශ කළහ.

යාපනය,වව්නියාව,කිළිනොච්චිය,මුලතිව්, මන්නාරම ඇතුළු උතුරේ අනෙකුත් සියලූම දිස්ත‍්‍රික්කවලත්, දකුණේදිත් යුධ කාලසීමාව තුළදි සහ ඉන් බැහැරව රාජ්‍ය බලය සහ මැදැහත්විම් තුළ බලහත්කාරයෙන් අතුරුදහන්වීම්වලට ලක්වී සිටින දමිළ, සිංහල සහ මුස්ලිම් දරුවන් ,ස්වාමිපුරුෂයින් සහ ඥාතින් වෙනුවෙන් හඩ නගමින් ඒ පවුල්වල සාමාජිකයින් 11 දෙනෙකු සිය අදහස් ප‍්‍රකාශ කළේය.

අතුරුදහන්වුවන්ගේ පවුල්වල ජනතාවට රාජ්‍ය බලය තුළ ආරක්‍ෂක අංශවල මැදිහත් විම් තුළින් තවමත් සිදුවන තර්ජන ගර්ජන කෙනෙහිළිකම් අවසන්විය යුතු යැයි ද අතුරුදහන්වුවන් පිළිබඳව විමර්ශනය කිරිමට පත්කර තිබෙන ආණ්ඩුවේ කොමිසන් සභාව පිළිබඳව කිසිම විශ්වාසයක් බලාපොරොත්තුවක් නැතැයි ද එබැවින් ජාත්‍යන්තර පරික්‍ෂණයක අවශ්‍යතාවය ඉතාම අවශ්‍යයැයි සිය පිළිගැනීමේ කථාව සිදුකරමින් මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති ගරු එම්මැනුවෙල් සෙබමාලෙයි පියතුමා ප‍්‍රකාශ කළේය.



වර්තමානයේදි මෙම අතුරුහදන්කරවිම සාහාසික අපරාධයක් බවට පත්වී තිබෙන බවත් එම සාපරාධි ක‍්‍රියාපටිපාටිය තුළ ශ‍්‍රි ලංකාව ඉහළින්ම සිටින රටක් බවට වර්තමානයේදි නම්කර තිබීම පිළබඳව තමන් කණගාටුවට පත්වන බව අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය හා එහි වැදගත්කම පිළිබඳව ප‍්‍රධාන දේශනය පත්වමින් මානව හිමිකම් ක‍්‍රියාකාරිණි ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය පැවසීය.

මෙම අතුරුහන් කරවිමේ තත්ත්වය ශ‍්‍රි ලංකාව තුළ වසර 35ක කාලසීමවක් තිස්සේ සිදුවෙමින් පවතින බවත් ඒ අතර රාජ්‍ය මැදිහත්වීම තුළින් සිදුවන අතුරුදහන්වීම් විශේෂත්වයක් ගන්නා බවත් නිමල්කා ප‍්‍රනාන්දු මහත්මියගේ දේශනයෙහි සඳහන් විය.

දේශපාලන පක්‍ෂ නියෝනය කරමින් ද කථිකයින් කිහිප දෙනෙකුම අදහස් දැක්වු අතර අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා කථා කරමින් කියා සිටියේ කුමන් භාධක පැමිණියද මේ පොලොවේ අතුරුදහන් වී සිටින සියලූම මනුෂ්‍යයින් වෙනුවෙන් අවසානය දක්වා ඔවුන් ක‍්‍රියාත්මක වන බවත් එම උත්සාහයේදි කිතුණු ආගමීක ගරු පූජක පැවදි සහෝදර සහෝදරියන් මීට වඩා වැඩි දායකත්වයක් යොදවන්නේ නම් සියලූම ජනතාව ඒකරාශිකරමින්, අතුරුදහන්වුවන්ගේ පවුල් යටපත් කරන්නට ගන්නාවු රාජ්‍ය බලය ශුන්‍යකරන්නට හැකි බවයි. එසේනම් අති උතුම් රායප්පු ජෝශප් රදගුරුතුමාගේ ද හඩට තවත් ශක්තියක් විය හැකි බවයි.



”අපි මහින්ද රාජපක්‍ෂට කියනවා වගේම ගෝඨාභය රාජපක්‍ෂටද අපි කියමු අපි ඔයාටත් භය නැහැ කියලා” යනුවෙන්  ප‍්‍රකාශ කරන්නට අතුරුදහන්වුවන්ගේ ඉරණම සොයා යන මේ ගමනෙහි ශක්තිමත් කොටස්කරුවන් වන්නටැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා පැමිණ සිටි සියලූ දෙනාට ආරාධනා කළේය.



සම්මන්ත‍්‍රණයෙන් පසුව සාමිකාමි ලෙසට පවත්වන්නට යෙදුණු පෙළපාලියට පොලිසිය ඉතා දැඩි බාධාවක් එල්ලකරමින් එය විශාල සිද්ධියක් බවට පත්කරන්නට උත්සාහා කළේය. සාමාන්‍ය පොලිස් නිළධාරින්ට අමතරව පොළු සහ කුළු පොලීසියද කැඳවා මාර්ග බාධක යොදා පෙළපාලිකරුවන් දැඩි පීඩනයකට ලක් කළේය. බොරු තර්ක ඉදිරිපත්කරමින් පෙළපාලිය යෑමේ සංවිධාකයින්ගේ අභිලාෂයට බාධා ඇතිකළේය.

මෙම සැමරුම් වැඩසටහන බලහත්කාරයෙන් අතුරුදහන් කළ ඥාතින් සොයා යන පවුල් එකතුව විසින් සංවිධානය කළේය.





ඡායාරූප සහ සටහන - මෙලනි මානෙල් පෙරේරා
සමිපුර්ණ තොරතුරු ඉදිරියට ....
සියලූ පින්තුර, පින්තුර තීරුවෙන් ....




2014-08-31
Advertisement

Find us on Facebook