English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“අපිට තියෙන්නේ දිව දෙකේ නීතිඥ සංගමයක්” - ගාමිණි වියන්ගොඩ

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට නීතිඥ සංගම් විරුද්ධ වීම සම්බන්ධයෙන් එහි අතරමැදි පෙත්සම් කරුවකු වන ගාමිණි වියන්ගොඩ මහතා “අයිතිය” වෙබ් අඩවියට පලකල අදහස් පහත දැක්වේ.

“නීතිඥ සංගමය මෙවැනි දේකට විරෝධය දැක්වීම තේරුම් ගැනීමට ඉතා අපහසු දෙයක්, මොකද හේතුව ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ නඩු ගොඩ ගැසීම හා යුක්තිය පමාවීම යන කාරණා දශක ගණනාවක් තිස්සේ සාකච්ඡාවට  ලක් වෙන කරුණු. යුක්තිය පමාවීම යනු යුක්තිය ඉටු නොවීමක් හැටියට තමයි පිළිගන්නේ.

සමහර නඩුවලට අවරුදු 17 ක යන බවට දැනට ගණන් බලා තියෙනවා. කළයුතුව තිබෙන්නේ මේ නඩු පුළුවන් තරම් ඉක්මනින් අසල ඉවරයක් කරන්න. ඒවාට ව්‍යුහාත්මක ගැටළු තියෙන්න පුළුවන් නඩුකාරයෝ මදි වෙන්න පුළුවන්, වෙනත් පහසුකම් නැතිවෙන්න පුළුවන්, උසාවි මදි වෙන්න පුළුවන්. එවැනි ගැටළු එකතුවෙලා තමයි  මේ විදියට නඩු වලට අවරුදු 15-20 කාලයක් ගත වෙන්නේ. එසේනම් අපි කල යුතුව ඇත්තේ තත්වය වෙනස් කරගැනීමයි. වෙනස් කර ගැනීමට නොහැකිනම් සමස්ථ අධිකරණ පද්ධතිය තුල අපි ප්‍රමුඛත්වය තිය යුතුව තිබෙනවා වහාම යුක්තිය ඉෂ්ඨ කල යුතු නඩු සම්බන්ධයෙන්. මෙය ලෝකයේ ඕනෑම තැනක පිළිගන්න ක්‍රමයක්.

උදාහණයක් විදියට ඔය නීතිඥ සංගමයට මතක් කරලා දෙන්න ඕන ඒගොල්ලන්ට අමතක නම් ඔවුන්ගේ විනිශ්චකාරවරයෙක්ව අලුත්කඩේ උසාවිය ළඟ වෙඩි තියල ඝාතනය කරපු සැකකාරයව මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ එල්ලුම් ගහට නියම කළා. ඒ තරම් අධිකරණය කාර්යක්ෂම කර ගැනීමට එදා මුළු නීති ප්‍රජාවම පෙනී සිටිය පමණක් නොවේ විත්තිකරුවා වෙනුවෙන් එක නීතිඥයකුවත් පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප කළා.

ඒ කියන්නේ තමන්ගේ එකෙක්ව ඝාතනය උනාම එක මාස 06 ක් වැනි කෙටිකාලයකින් ඉවර කරගන්නයි, අනෙක් නඩු අවරුදු 15-20 තිස්සේ ඇදගෙන යාම හොඳයි කියන්නයි පුළුවන් දිව දෙකේ  නීතිඥ සංගමයක් විදියටයි මා ශ්‍රී ලංකා නීතිඥ සංගමය දකින්නේ.

මෙහි යම් යම් තාක්ෂණික ගැටළු තියෙන්න පුළුවන්, ඒවා වෙනස් කරගෙන හදාගන්න අවශ්‍යයි. නමුත් මේ වෙනුවෙන් පෙනී සිටින සියලු කණ්ඩායම් පෙනී සිටින්නේ නීතියේ තිබෙන ගැටළු ජය අරගෙන, මේ සමාජ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගැනීමේ චේතනාවෙන් නොවන බව පැහැදිළියි.

ඒ ගොල්ලන්ගේ වෙනම දේශපාලන න්‍යාය පත්‍රයක් උඩ හොරු ආරක්ෂා කිරීමේ උවමනාව මත  වැඩ කරන බව පැහැදිලිවම පෙන්න තිබෙන දෙයක්. ඒ සඳහා දේශපාලඥයින් උත්සහ කරන එක තේරුම් ගන්න පුළුවන්.  දේශපාලඥයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් උත්සහ ගන්න එක තේරුම් ගන්න පුළුවන්, මොකද එක නීතිඥයින්ගේ වෘත්තීය නිසා.

නමුත් නීතිඥ සංගමයක් මේ සම්බන්ධයෙන් විරුද්ධ වන එකෙන් පෙන්නුම් කරන්නේ, මේ සංගමය මොන තරම් මඩ වලකද එරිල ඉන්නේ කියන එකයි.  හරිනම් නීතිඥ සංගමය පෙනී සිටින්න ඕන මේ වගේ හොරුන්ව නඩු අහල ඉවරයක් කරන්නයි.

අපි මේ කියන්නේ අල්ලපු වත්තේ කොස් ගෙඩියක් හොරකම් කරපු එක ගැන නෙමෙයි. රාටේ මහජන දේපල කොල්ලකාපු මහාපරිමාණ කම්බා හොරුන්ව වහාම නීතිය ඉදිරියට පමුණවා නීතිප්‍රකාරව දඬුවම් කලයුතුයි කියන එකයි.

අනිත් පැත්තෙන් ගත්තාම ඔය කියන හොරුන් සතුටු වෙන්න ඕන තමන්ට අවරුදු 17-20 තිස්සේ තමන්ට නරක නාමයක් තිබෙන එක වලක්වා ගැනීම සඳහා කෙටිකාලයකින් තමන් නිර්දෝෂී බව  නීතිය ඉදරියේ ඔප්පුකර පෙන්වීමට. නමුත් මෙතැනදී වෙලා තියෙන්නේ ඔවුන්ට මේක ඔප්පු නොකර අවරුදු 15-20ක් යන්න පුලුවන්නම් එක තමයි හොඳ තත්වය කියන එකයි. අන්න එවැනි දේශපාලඥයින් ආරක්ෂා කර ගැනීම සඳහා තමයි ඔය කියන නීතිඥ සංගමය ඉදිරිපත්වෙලා තියෙන්නේ. යම් විදියකින් මේ කෙටුම්පතේ නීතියට නොපෑහෙන දෙයක් තියෙනවනම්, ඒවා නෛතික වශයෙන් විසඳා ගත යුතුව තිබෙන කාරණා.

මහින්ද රාජපක්ෂගේ කාලේදී සරත් පොන්සේකව උස්සගෙන ගිහින් නඩු ඇහැව්වා වගේ නෙමෙයි. නීතියක් ගෙනල්ල එක පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් තමයි මේක සම්මත කරගන්න හදන්නේ. ඔහු හොරෙක් නොවේනම් හා හොරුන්ව ආරක්ෂා කරන්නෙක් නොවේනම් ඒ සඳහා විරුද්ධ විය යුතු නෑ. එක වෘත්තීය වේශයකින් කලත් එකයි වෘත්තීය නොවන වේශයකින් කලත් එකයි."




2018-03-17
Advertisement

Find us on Facebook