English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුලූවන්නම් අල්ලා ගනිල්ලා
නව රජය බලයට පත් වුයේ පසුගිය රජය කාලයේ සිදු අපරාධයන්ට හා දුෂිනයන්ට සම්බන්ධව සියලූම පුද්ගලයන්ට තරා තිරම නොබලා දඩුවම් කරන බවට පොරොන්දු දෙමිනි. ඒ අනුව තාජුඞීන් හා ලසන්ත වික‍්‍රමතුංග ඝාතණයන්, ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්කරවීම, ති‍්‍රකුණාමලයේ තරුණයන් 5 දෙනෙකු ඝාතණය, ඇවන්ගාඞ් සිද්ධිය, කීත් නොයාර් හා උපාලි තෙන්නකෝනට පහරදීම, මල්වාන ඉඩම, මගනැගුම, සිල් රෙදි, කැරම්බෝඞ්, සිරිලිය ගිණුම, ඬේසි ආච්චිගේ මැනික් මලූ, කටුගෙයි කඩු නැතිවීම, හොර පාස්පොට්, වැනි සිද්ධි ගණනාවක් දේශපාලණ වේදිකාවේ සාකච්ඡා විය.



කෙසේ හෝ නව රජය පත්වුවාට පසු ඒ ආකාරයේ විවිධ සිද්ධින්ට සම්බන්ධව පැමිණිලි බොහෝ ප‍්‍රමාණයක්  අල්ලස් හෝ ද්‍රෂණ විමර්ෂණ කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය හා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය යන ආයතනයන් වෙත ලැබී තිබුනි.

මින් සමහර ආයත වෙත ගොනු වූ පැමිනිලි සංඛ්‍යාවන් දහස් ගනනක් බව වාර්තා වූ වත්, රජය පත්වී හරි අඩක් ගතව ගියත් අදාල පුද්ගලයන් සම්බන්ධව අධිචෝදනා ගොනු කිරීමට හැකි වුයේ ඉන් අතලොස්සකට පමණි. එසේ චෝදනාවන්ට ලක් වූ හිටපු රජයේ ප‍්‍රභූවරුන් රිමාන්ඞ් භාරයට පත් වූ විගස බරපතල රෝගාභාදයන්ට ලක් වීමෙන් පසුව රෝහල් ගතවීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. සමහරු අධිකරණයන් වෙත පැමිණියේ අසාධ්‍යව ගිලන් රථවලින් වීමත් විශේෂත්වයක් වූ අතර, ඔවුන්ගේ රෝගී තත්ත්වය ඉතා අසාධ්‍ය බවට විශේෂ වෛද්‍ය වාර්තාද අධිකරණය වෙත යොමු කර තිබුනි.

මේ අතර සමහර නඩු සදහා අදාල සැකකරුවන් අත්අඩංගුව ගැනීම වලකාලමින් අතුරුතහනම් නියෝග ලබා ගැනීම් හා නීතිපති විසින් පැවරූ සමහර නඩු සදහා පෙනී සිටින විනිසුරුවරුන් මාරුකර දෙන ලෙසට කරනු ලැබූ අභියාචනයනුත් නිසා මෙසේ ප‍්‍රභුන්ට එරෙහිව පැවරූ බොහෝ නඩු කවදා අසා අවසන් වේ දැයි යන්න බන්දුල ගුණවර්ධන කියන්නා සේ සක්කකරයගේ පුතා වයිමා වත් නොදන්නා කාරණයක් බවට පත් වී තිබේ.

ලංකාවේ අධිකරණ ක‍්‍රමයන් හි පවතින මෙම විකාර සහගත භාවය නිසා අපරාධ හා දුෂනයන්ට කොපමණ සම්බන්ධව හිටියත් ප‍්‍රභූන්ට හා ඇති හැකි අයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ නොහැකි දෙයක් බවට මතයක් සමජ ගතවී තිබේ. අප අධිකරණ ක‍්‍රමයේ ඇති මෙම දුර්වලතාවයත්, අධික නඩු ප‍්‍රමාදයත් නිසා අපරාධකරුවෙකු අධිකරණයක් තුළ කොටුකර ගැනීම කණ කැස්බෑවෙකු විය සිදුරෙන් හද දකිනවාටත් වඩා වැඩි දෙයක් බවට පත් ව තිබේ. ඒ බව පෙනී යන්නේ නීතිපතිවරයා විසින් පවරනු ලබන අපරාධ නඩු වලින් 94% ක් පමණ අධිකරණය ඉදිරියේ ඔප්පුකර ගැනීමට නොහැකිව අපරාධ කරුවන් නිදහස්වී යන බවට වාර්තා වීමෙනි.

මෙම හේතුවෙන් සාමාන්‍ය මහජනතාව තුළ අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බොහෝ සෙයින් පලූදු වී අධිකරණ කි‍්‍රයාමාර්ගවලින් ඇත් වී තමන්ට සිදුවූ අයුක්තිය හෝ අසාධරණය සදහා තමන්ට හැකි පමණින්  වෙනත් මාර්ගයෙන් විසදා ගැනීමට හෝ එසේ නොහැකි නම් නිහ`ඩව කරබාගෙන බලා සිටිීමට පුරුදු ව සිටී.

මෙවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වීම එය සමාජයේ දියුණුවට කිසිසේත් බල නොපාන අතර, ඉන් රටේ සංවර්ධනයට ද විශාල බලපෑමක් ඇති කරනු ලබයි. නීතිය සාධරණව කි‍්‍රයාත්මක නොවීමත්, අපරාධකරුවන්ට නිසි දඩුවම් සාධාරණ කාලයක් තුළ නොලැබීමත්, සාමජයක් භීතියට පත්කර තබනු ලබන අතර, ඉන් විශාල කම්පනයක් ද සමජය තුළ නිර්මාණය කරයි. නිදහසින් පසුව රටේ විවිධ ප‍්‍රදේශවල විවිධ අවස්ථාවල දී ඇති වූ කැරළි හා යුධමයන් තත්ත්වයන් මෙයට නිදසුන් සපයයි.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම කඩා වැටීම සම්බන්ධව නිවැරදි සාකච්ඡුාවක් පවා සමාජය තුළ නිර්මාණය නොවීය. අධිකරණ ක‍්‍රමයේ විශාල කඩා වැටීමක් ඇති බව මේ ක්ෂේත‍්‍රය හා සම්බන්ධ කටයුතු කරනු ලබන අය පවා පිලිගනු නොලැබූ අතර, පැවති රජයන් මේ තත්ත්වයන් තව තවත් වාර්ධනය වන්නට ඉඩ දී කටයුතු කරනු ලැබීය.

නමුත් පසුගිය වසර දෙක තුන තුළ මේ සම්බන්ධව යම් සංවාදයක් නිර්මාණය වූ අතර, සමාන්‍ය ජනතාව අවුරුදු ගණනාවත් තිස්සේ පැවසූ දේ රජයේ මැති ඇමතිවරු පවා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරනු ලැබූ අතර, අධිකරණ ක‍්‍රමයේ විශාල සංශෝධනයක් වහා අවශ්‍ය බවට විශාල හඩක් ඒ හරහා නිර්මාණය විය.

එමෙන්ම සමහර මැති ඇමතිවරු පවතින අධිකරණ ක‍්‍රමයේ ඇති කඩා වැටීම් ඉතා නිර්දය ලෙස විවේචනය කරනු ලැබු අවස්ථාවන්ද දක්නට ලැබුනි. එම සංවාදය කෙතරම් දුරකට ශක්තිමත් වුයේ ද යන්න පැහැදිලි වුයේ මෙම ප‍්‍රතිසංධානයන්ට එතරම් කැමැත්තක් නොදැක් වු හිටපු අධිකරණ ඇමතිවරයා එම බලවේග විසින් ගෙදර යැවීමට කටයුතු කිරීමත් සමගිනි.  

අධිකරණ ක‍්‍රමයේ ඇති අඩුපාඩු සදා ගැනීම සදහා පිලියම් කිහිපයක් මේ වන විට යෝජනා වී තිබේ. නව අධිකරණයන් ස්ථාපිත කිරීම, විනිසුරුවරු ප‍්‍රමාණය වැඩි කිරීම, නඩු අහන කාල සීමාවන් වැඩි කිරීම, නිශ්චිත නඩු ප‍්‍රමාණයක් නිච්චිත කාල සීමාවක දී අසා නිමකිරීමට නියම කිරීම, නීතිපති සේවය කර්්‍යක්ෂම කිරීම, අධිකරණ වෛද්‍ය හා රස පරීක්ෂක අංශ කාර්්‍යක්ෂම කිරීම වැනි යෝජනා ඒ අතර වේ.

මින් තවත් වැදගත් යෝජනාවක් වුයේ ජාතික වැදගත්කමකින් යුත් අපරාධ හෝ දුෂණ නඩු ඇසීම සදහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීම සම්බන්ධවයි. නව රජය පත්වීමෙන් පසුව මෙම යෝජනාව අවස්ථා කිහිපයක දීම පුද්ගලික මන්තී‍්‍ර යෝනජාවන් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවත් එය සාර්ථක නොවීය.
     
නමුත් පසුගිය මාර්තු 6දා නව අධිකරණ ඇමති තලතා අතුකෝරාල මහත්මිය විසින් අධිකරණ සංවිධාන සංශෝධිත පනත් කෙටම්පත නමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිපත් කර තිබුනි. මෙම පනත මගින් විශේෂ ති‍්‍රපුද්ගල අධිකරණ තුනක් පත්කෙරෙන බවත්, එම අධිකරණයන් වෙත පත්වෙන ස්ථිර විනිසුරුවන් විසින් මෙම අධිකරණයන් වෙත යොමු කෙරෙන නඩු එකදිගට අසා අවසන් කිරීමේ බලයත් මෙම පනත හරහා මෙම අධිකරණයන් වෙත පැවරෙණ බවත් ඉන් ප‍්‍රකාශ විය.

මෙය ඉතා කලෝචිත යෝජනාවක් වූ අතර, මෙමගින් රටට වැදගත් එමෙන්ම පසුගිය කාලය තුළ විශාල අන්දොලනයකට තුඩු දුන් නඩු මෙම අධිකරණයන් හරහා විභාගයට ගෙන අවසන් කිරීමට හැකියාව තිබුනි. එවැනි කි‍්‍රයාමාර්ගයන් හරහා අධිකරණ ක‍්‍රමය පිළිබදව මහජනයාගේ ඇති කල කිරීම නැති කර අධිකරණ කි‍්‍රයාමාර්ගයන් වෙත ඔවුන් නැවත යොමු කිරීමට මින් අවස්ථාවක් උදාකර ගැනීමට පුලූවන් කම තිබුනි.

නමුත් මෙම පනතට එරෙහිව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.ඇල් පීරිස් යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය  වෙත පෙත්සම් තුනක් යොමු කර තිබුනේ මෙම පණත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමිණි. අද (16) මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතව අතර, ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට විරුද්ධව මැදිහත්ව කරුණු දැක්වීම සදහා තවත් පෙත්සම් 11 ක් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ඉරාන් වික‍්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන, සිවිල් සංවිධාන නියෝජනය කරමින් මහාචාර්ය සරත් විජේසුරිය, සමන් රත්නපි‍්‍රය, ගාමිණී වියන්ගොඩ, ජයදේව උයන්ගොඩ, කේ.ඩබ්. ජනරංජන හා අරුණ ලක්සිරි උණවටුන හා ජගත් හේමචන්ද්‍ර යන අය විසින් ගොනු කර තිබුනි.

නීතියක් නැති රටක සංවර්ධනයක් දැකිය නොැහැක. උසස් ජාතියක්ද එහි බිහි නොවනු ඇත. නීතියේ ආධිපත්‍ය තහවුරුව තිබීම දියුණු සමාජ ක‍්‍රමයක ලක්ෂණයකි. අපට මින් ඉදිරියට යන්න නම් අපගේ අධිකරණ ක‍්‍රමයේ විශාල වෙනසක් සිදු කළ යුතුව තිබේ. දශක ගණනාවකට පසුව හෝ ලංකාවේ අධිකරණ ක‍්‍රමය නැවත නගා සිටුවීමට ගන්නා සියලූ උත්සාහයන් අප අගය කළ යුතු අතර, මෙය නැවත ආපිට කැකැවීට මාන බලන දුෂ්ඨ බලවේගයන් පරජය කිරීම සදහා ද අප මූලිකත්වය ගත යුතු ද වෙයි. මෙය ආපිට හැරුනොත් හොරුන්, දුෂිතයින් හා අපරාධකරුවන් නැවතත් අපට කියා සිටින්නේ පුලූවන් නම් අපිව අල්ලා ගනිල්ලා යන්නයි.

පිලිප් දිසානායක   

 





2018-03-16
Advertisement

Find us on Facebook