English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ”- වෘත්තීය වෛද්‍ය වරු කියයි.

ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අද (15) මාධ්‍ය හමුවක් පවත්වා වෘත්තීය වෛද්‍යවරු පිරිසක් කියා සිටියේ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයා ගෙන නැති බවයි.

මෙවැනි මත විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බව සඳහන් කළ ඔවුන් කියා සිටියේ ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකි බවයි.

දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර, එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණක් බවත්, පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක්  ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැති බවත් එම වෛද්‍යවරු  පෙන්වා දෙයි.




2018-03-15
Advertisement

Find us on Facebook