English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණය මඟ හැරියාට අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු!
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළේ ය.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර සිටින පුද්ගලයකු යැයි පෙනී යන බව නිගමනය කරමින් එම වරෙන්තුව නිකුත් කළේ ය.

වරෙන්තු ඉල්ලා සිටිමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පොලිස් පරික්ෂක සංජීවනී කැප්පෙටිගේ මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාර හිටපු මහබැංකු අධිපතිවරයා ලබාදුන් රහස්‍ය තොරතුරු හේතුවෙන් රජයට රුපියල් බිලියන 688 ක අලාභයක් සිදුවී ඇති බව මේ දක්වා සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

ඔහුට පසුගිය 08 වැනි දින හෝ ඊට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නිකුත් කළ නොතිසි හා විවිධ ආකාරයෙන් කළ දැනුම්දීම් නොසලකා හැර ඇත.




2018-03-15
Advertisement

Find us on Facebook