English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අයිතිවාසිකම් රැකෙන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිවාසිකම් තිබුනොත් පමණයි. - නීතිඥ ප්‍රබෝධ රත්නායක
මාධ්‍යවේදීන් හැටියට සියළු දෙනාම දන්නවා භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය කොච්චර වටිනවද කියල. එය එක්තරා විදියකට අනෙක් සියළුම අයිතිවාසිකම් වල පදනම විදියට එහෙමත් නැත්තම් instrumental rights එකක් ලෙස උපකාරක නීතියක් කියල. මොකද මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තිබුනොත් පමණි.

මෙය මාධ්‍ය වාරණයක් - පැය 72 ත් අවසන් “ යන තේමාව යටතේ වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමය පෙරේදා (13) මාධ්‍ය හමුවක් පවත් වූ අතර, එහිදී නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා එසේ අදහස් පලකරන ලදී.

තවද, “ උදාහණයක් ලෙස යම් ඝාතනයක් සිද්ධ වෙනවානම් හා ආහාර හිඟයක් ඇතිවනාවනම් මේ සියලු දෙයෙහි තොරතුරු මිනිසුන්ට එන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තිබුනොතින්.

ඒ වගේම භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ජාත්‍යන්තරව මෙන්ම දේශීය නීතිය තුලත් නීතියෙන් තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තරව ගත්තොත් මානව හිමිකම් විශ්ව ප්‍රඥප්තිය, ඒ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුතියේ ඉතා පැහැදිළිව දක්වා තිබෙනවා. ඊට අමතරව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් 14/1 වගන්තියේ භාෂණයේ හා ප්‍රකාෂණයේ අයිතිය තහවුරු කරගෙන තිබෙනවා. මෙන්න මේ අයිතියට තමයි ප්‍රධාන තර්ජනය එල්ලවෙලා තිබෙන්නේ.

එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගැටුම් පවතින විට ජනාධිපතිවරයාට  සහ අගමැතිවරයාට ලියුම් දෙකක් යැව්වා. ඒ ලියුම් දෙකේ තියෙනවා මේ වාර්ගික ගැටුම් පාලනයට මොකද කරන්න ඕන කියල. ලංකාවේ පනත් දෙකක් තියෙනව 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනත සහ දණ්ඩ නීති සංග්‍රහය. මේ දෙක උපයෝගී කරගෙන ලංකාවේ ඕනෑම ෛවරී සහ ප්‍රචණ්ඩ ප්‍රකාශන අපරාද වරදක් බවට පත් කරලා පාලනය කරන්න පුළුවන්. මෙන්න මේක කරන්නේ නැතිව සමාජ මාධ්‍ය පාලනය කරන්න යෑම තමයි අපට තිබෙන ගැටළුව.” බවද ඔහු එහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.




2018-03-14
Advertisement

Find us on Facebook