English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතින් හෙට උතුරේදිි හඬනඟයි !


බලහත්කාර අතුරුදහන් කිරිම්වලට ලක්වුවන්ගේ ජාත්‍යන්තර දිනය හෙට, එනම් අගෝස්තු මස 30 වන දා  ලංකවේදිි  ද  පවත්වනු  ලබයි.  රාජ්‍ය  නොවන සංවිිධාන විිසින්  පවත්වනු  ලබන  ජාත්‍යන්තර  දිින සැමරුම  හෙට,  සෙනසුරාදා  වවිනියාව නගර සභා සංස්කෘතික ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිිධානයකර ඇතැයි අතුරුදහන්වූවන්ගේ  පවුල් එකතුවේ  සභාපති බිි‍්‍රටෝ  ප‍්‍රනාන්දු  මහතා  අයිතිියට  පැවසිය.

අතුරුදහන්වුවන්  පිළිබඳ  ජාත්‍යන්තර දිිනය  මෙදිිනට  යෙදීී  ඇත්තේ  ඥාතීන් හා නෛතික  නිියෝජිිතයින්ට  නොදන්වා  සිරභාරයට  ගෙන  විිවිිධ  ස්ථානවල  රඳවා ඇති  සහ  අසරණ  තත්ත්වයන්  යටතේ  රඳවාගෙන  සිටිින  පුද්ගලයින්  පිිළිබඳ  අවධානය  යොමුකරවීීමටය.  

ලතින්  ඇමෙරිිකානු  රටවල  රහසිගතව  අත්අඩංගුවේ තබාගෙන  සිටන හා  අතතුරුදහන්කරවා  සිටිින  පුුද්ගලයින්  සම්බන්ධව  ක‍්‍රියාකාරිිව ඉදිිරිිපත්වු  දේශීය  හා  කලාපීය  කණ්ඩායම්  1981දි  කොස්ටරිිකා  හි දිි  ඇතිකරගන්නා  ලද  රාජ්‍ය නොවන  සංවිිධානයක්  වන  Latin American Federation of Associations for Relatives de Detained , Disappeared මගින්  ජවය  ලබමිින්  මෙම  ජාත්‍යන්තර  දිිනය  නිර්මානය  විිය.

වව්නියාවේදිි පවත්වනු  ලබන  ජාත්‍යන්තර  දිිනයට,  දිිවයිනේ  සියලූු දිිස්ත‍්‍රික්ක  නියෝජනය  කරමින්  බලහත්කාරයෙන්  අතුරුදහන්කරවුවන්ගේ  පවුල්වල  සාමාජිිකයින් ද මානව  හිමිිකම්  ක‍්‍රියාධරයින්  ද  සහභාගිවීීමට  නියමිිත  බැව්  බිි‍්‍රටෝ  ප‍්‍රනාන්දුු  මහතා  පැවසීය.  

එල්  එල්  ආර්  සි  වාර්තාවේ  බලපෑම  මත  ජනාධිිපතිවරයා  විසින් 2013  වසරේදිි අතුරුදහහන්වුන් පිළිිබඳව  සොයා  බැලීම  සඳහා  ත්‍රෛයි  පුද්ගල  විිශේෂ  කොමිිසමක්  පත්්කළ  අතර  මේවන  විිට  එම  කොමිිසමට 20,000  කට  වඩා  පැමිිණිිලි ලැබිි  ඇති  බව වාර්තා  වුණි. මෙම  කොමිිසම  අවසන්  වරට අගෝස්තු  මස  8   සිට  11  දක්වා  මන්නාරම  දිිිස්ත‍්‍රික්කයේදි  පැවති  අතර,  එහි සාක්‍ෂිදීීීමට  පැමිිණිය  යුතුව  සිටි පුද්ගලයින්හට ඒ සඳහා  සහභාගි  නොවන  ලෙසට රාජ්‍ය  ආරක්‍ෂක  අංශ  විිසින්  බලපෑම්  ඇතිිවු  බවද වාර්තා  විිය.  2015  පෙබරවාරිි  මාසය  තෙක් මෙම  කොමිිසම ක‍්‍රියාත්මක  වෙයි.

හෙට  දිිනයේ  පැවැත්වෙන  ජාත්‍යන්තර  දිින  සැමරුම  බලහත්කාරයෙන්  අතුරුදහන්  කළ ඥාතින්  සොයා  යන  පවුල්  එකතුව  විිසින් සංවිධානය කර  ඇත.  
-MMP



2014-08-29
Advertisement

Find us on Facebook