English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බලහත්කාර අතුරුදහන් කරවීමට එරෙහිව උද්ඝෝෂණයක් අනුරාධපුර නගරෙයේ දී!
අනුරාධපුර පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වූ මධුෂ්ක හරිස් ද සිල්වා 2013 සැප්තැම්බර් 02 දා තම නිවෙසට පැමිණෙමින් සිටිය දී සිදු වෑන් රථයකින් පැහැරගෙන යාම සම්බන්ධව පොලීසිය හා මානව හිමිකම් කොමිසම වෙත සිදු කළ පැමිණිලි සම්බන්ධව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව විරෝධය පා ජූලි 02 වන දින අනුරාධපුර නගරෙයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අයිතියට පැවසීය. 

ජුනි මස 10 වන දින අනුරාධපුර මානව හිමිකම් සොමිසමෙහි පැවති පරික්‍ෂණයට තමන් සහභාගි වු බවත් එහිදි අනුරාධපුර පොලිසියේ වගකිව යුතු පොලිස් නිළධාරීතැන වෙනුවට සුළු නිළධාරීයෙකු පමණක් කිසිඳු සූදානමකින් තොරව පැමිණි බවත් ඒ නිසාම යළිත් වරක් මේ මස 23 වෙනිදා මානව හිමිකම් කොමිසමේ පරික්‍ෂණයට සහභාගි වන්නට සිදුවු බවත් මෙදින ද අනුරාධපුර පොලීසීය පාර්ශවයෙන් සිදුවිය යුතුව තිබූ  වගකීම කිසිසේත්ම ඉටු නොවු බවත් මධුෂ්ක හරිස් ද සිල්වාගේ බිරිඳ වන මයුරි ඉනෝකා අයිතියට ප‍්‍රකාශ කළේය.

'කිසිම තොරතුරක් සොයාගන්නට ලැබුණේ නැහැ. හදිසියෙන් හෝ යම්කිසි තොරතුරක් ලැබුණොත් දන්වන්නම්.” යැයි පොලිසියෙන් පැමිණ සිටි නිළධාරීන් දෙපල කීවේ යැයි ඇය වැඩිදුරටත් අප සමග පැවසුවේය.

'එමෙන්ම මානව හිමිකම් කොමිෂමේ නිගමනය ද වුයේ ” මරණ සහතිකයවත් ලබාගන්න උදව් කරන්න” යන චේතනාව යැයි සඳහන් කළ මයුරි, තමන් මානව  හිමිකම් කොමිෂමට පැමිණියේ එවැනි වචනයක් අසාගන්නට නොවන බවත්, තම සැමියා සොයාගන්නා උත්සාහය අත්නොහරින බවත් අයිතියට පැවසීය.




2014-06-25
Advertisement

Find us on Facebook