English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුවේ සමාජ මාධ්‍ය වාරණය “වලං කාරයාගේ අවුරුද්දක වැඩ පොලු කාරයට එක දවසයි” වාගෙයි - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

ඩිජිටල් අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයේ වැඩ නිසිලෙස දැනුවත් නොමැති බවත් සිකුරාදා දිනය වන විට වාරණය ඉවත්කරන බවට නිවේදනය කළත් ඒ සඳහා ආණ්ඩුවට අවංක අපේක්ෂාවක් නොමැති බවත් "මෙය මාධ්‍ය වාරණයක් - පැය 72 ත් අවසන්" යන තේමාව යටතේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ  ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

මෙහිදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ, ලේකම් කැළුම් ශිවන්ත, විධායක කමිටු සාමාජිකයන් වන ප්‍රබෝධ රත්නායක, විමුක්ති දුෂාන්ත, කනිෂ්ක රාජකරුණා, නුවන් හෙට්ටිආරච්චි යන අය අදහස් දැක්වීය.


අපි බලාපොරොත්තුවූ වෙනස මෙය නොවෙයි - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ


අපි ඉතාම දුෂ්කර වකවානුවක රටේ යහපත් වෙනසක් කරන්න මැදිහත්වූ කණ්ඩායමක්. එහිදී අපි බලාපොරොත්තු වුණේ මාධ්‍ය නිදහස සහිත යහපත් වෙනසක් ඇති කරන්න. ඒ තුල අපි ඉල්ලා සිටියා මේ රට තුල online media වල නිදහස තහවුරු කරන්න කියා. නමුත් අවාසනාවකට අර කතාවක් තියනවා වලං කාරයාගේ අවුරුද්දක වැඩ පොලු කාරයට එක දවසයි කියලා. අද ආණ්ඩුව ගත්ත මේ වැඩෙත් එහෙම තමයි.


ඇමති හරීන් කියන විදිහේ ෆේස්බුක් ලෝකයේ නෑ - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත


මේ දැන් ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කතා කිරීමේදී අපට මුලින්ම කතා කරන්න වෙන්නේ මේ රජයේ හැසිරීම ගැන. එක කාරණයක් තමයි, අමාත්‍යවරයාගේ හැසිරීම. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ලෙස සිටියදී එතුමාගේ අමාත්යංශයට සම්බන්ධව එතුමාට පැවරිලා තිබෙන වැඩේ මොකක්ද කියන එක හරියට දන්නවද කියන ප්‍රශ්නය තියනවා. ඒ ප්‍රශ්නය මතුවෙන්නේ මෙන්න මේ කාරනා නිසයි.

එකක් තමයි එතුමා කියනවා, ජාතිවාදී, නැත්නම් සමාජයට වින කරන ආකාරයේ සාමජයේ ගැටුම් අවුළුවන ආකාරයේ පෝස්ට් ෆේස්බුක් එක හරියට කියවලා අයින් නොකළ නිසා ෆේස්බුක් එක දැනට තහනම් කරමින් ඇති බව. ඊට උත්තරයක් ලැබුණාම එය විවෘත කරනවා කියලා. එහෙම කියවන ෆේස්බුක් ලෝකයේ නෑ. කෘතීම බුද්ධියෙන් එය ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ සිංහලෙන් කියවන පිරිසක් කියාගෙන මේ කරන වැඩේම බොරුවක්.


වාරණය ඉවත් කරන්න ආණ්ඩුවට අවංක අපේක්ෂාවක් නෑ - විමුක්ති දුශාන්ත


විශේෂයෙන් මුලින්ම කියන්න ඕන අද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තියනවා මාධ්‍ය වෙත සිකුරාදා වන විට මේ අවහිරය අවත කරනවා කියලා. නමුත් මේ ආණ්ඩුව මේ වාරණය පනවන කොට කිව්වේ පැය 72න එය අවසන් කරනවා කියලා. ඒ වගේම ඊයේ දිනයේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාම එක්තරා මාධ්‍යකට ප්‍රකාශයක් ලබාදෙමින් කිව්වා ඊයේ රාත්‍රියේ මේ අවහිරතාව ඉවත් කරනවා කියලා. නමුත් සිකුරාදා කියල දිනයක් දාලා මේ වාරණයට එරෙහිව නැගෙන විරෝධය යටපත් කරන්න මිනිස්සු රවට්ටන්නද හදන්නේ කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා.

 

ඒ වගේම අපි ජනතාවට කියනවා මේ සිකුරාදා කියන දිනය දාගත්තේ මේ වරණයට එල්ලවී ඇති විරෝධය වලක්වන්න මිසක් මොවුන්ට ඇත්තටම අවශ්‍යතාවක් නෑ මේ වාරණය නවත්තන්න. මෙයාලට උවමනා වෙලා තියෙන්නේ ජනතාව තොරතුරු දැනගන්න එක වළක්වන්න. අපි එය පැහැදිළිව කියනවා. ආණ්ඩුව ජාතිවාදය මේ නිසා ඇතිවෙනවා, ළමයි මේ නිසා නැතිවෙනවා කිව්වට ඒක ආණ්ඩුව විසින් නිර්මාණය කල බොරුවක්. මෙය හොඳ අතට හසුරවන්න පුළුවන්. ජාතිවාදයට විරුද්ධව හසුරවන්න පුළුවන්. නමුත් ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව වහගන්න විවිධ කතා කියලා බොරු මවාපෑම් කරමින් ඉන්නවා.

 

උපුටා ගැනීම - newstube.lk





2018-03-14
Advertisement

Find us on Facebook