English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතිවාදී ගින්නේ ආලෝකය නැවත අපට අවශ්‍යද?

1948 නිදහසේ සිටම අප ගමන් ගත්තේ හේදකාරි හා තිබෙන භේද වර්ධනය කිරීමට හේතුවන ගමන් මාර්ග වලය. වර්තමානයේ මෙම සිදුවීම අප මුහුණ දී තිබෙන අර්බුදයන් උපදින්නේ එතැනිනි. වර්ග අතර භේද තිබුණා සේම වර්ග තුළද භේද තිබුණි. සිංහල වර්ගය. ඒකාග‍්‍ර වර්ගයක් නොවිය. කුලභේද ඔවුන් අතර තිබිය යුතු ඒකාග‍්‍ර බව නැති කර තිබුණි.

දෙමළ වර්ගයාද ඒකාග්‍ර වර්ධනයක් නොවීය. ඔවුන් අතර ලොකු කුල භේදයක් තිබුණි. සියලූම සිංහලයන් බෞද්ධ නොවු අතර සියලූම දමිලයන් හින්දු ද නොවීය.

රටේ නිදහසින් පසු මව්බිම පාලනය කළ රටේ නායකන්ට පොදු ජාතික දෘෂ්ටියක් නොතිබීම නිසා ඔවුන් පටු දේශපාලන වාසී සලකා තිබෙන භේද, උග‍්‍ර කළේය. සෝලබරි ව්‍යවස්ථාවේ තීන්ත, වෙලන්ටන් ප‍්‍රථම D. S සේනානායක ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය.

ඉන්පසු 1956 දී බණ්ඩාරනායක දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කළේය. ඒ නිසා 1958 දී සිංහල දෙමළ කෝලහාලයක් ඇතිවිය. 1956 දී දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි වාමාංෂික පක්‍ෂ දෙක 1965 දී දෙමළ භාෂාවේ සාධාරණය පාවිච්චිය සඳහා ඇති කළ විධි විධාන වලට විරුද්ධව පාරට බැස්සේය. ඒ යන අතර “ඩඩ්ලිගේ ගේ බඩේ  මසල වඩේ”  යැයි කියමින් ශ‍්‍රීලනිප සමග විරෝධතා පෙළපාලී ගියේය.

1972 රට පාලනය කළ ආණ්ඩුව සම්මත කරගන්නා ලද නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අතර දෙමළ තරුණ කොටස් සිංහල ජනයාට විරුද්ධව නැගී සිටියේය.

1977 දී 6/5 ක බලයක් හිමි කරගත් J.R ජයවර්ධන නිදහසේ සිට ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන අර්බුදය මහා පරිමාණයෙන් ලේ හැලෙන අර්බුදයක් බවට පත් කිරීමට කටයුතු කළේය.

වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කළේ JR ජවර්ධනය. රජයේ එක්තරා කැබිනට් ඇමතිවරයෙක් JR ජවර්ධන සමග කල කථාබහකදී දූෂණය හිස ඔසවලා යයි කීවිට JR ජනධිපතිවරයා දුන් පිළිතුර වුයේ ඒ සියල්ල මඟුල් ගෙයක් ලෙස සලකා ක‍්‍රියා කරන්න පුරුදු වෙන්න යනුවෙනි . එදා JR ජනධිපති පාලනයේ සිට අද දක්වා රාජ්‍ය පාලනය ගමන් කරමින් තිබෙන්නේද  ජයවර්ධන ජනාධිපතිතුමා හඳුන්වා දෙන ලද එම මාර්ගයේ ය.

යාපනයේ පුස්තකාලය ගිනිතබන ලද්දේ එම පාලන කාලයේදීය. ඉන්පසු 6/5 ක බලයක් තිබෙන පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමත විචාරණයක් මගින් දීර්ඝ කර ගත්තේය. 83 කළු ජූලිය දෙමළ තරුණ පරපුර අරලගයකට තල්ලූකර අතර,  දකුණේ JVP තරුණයින් කැලෑවට තල්ලූ කළේය.

ඉන්පසු එම දීර්ඝ අශීලාචාර කාළයේදී හමුදාව උපරිම මට්ටමේ කෘරත්වයක් සමාජය මත මුදාහරින ලදී. අප රටට පහළ වුණු නායකයන් සියල්ලම තම බලය තම පක්‍ෂයේ බලය රැකගැනීමට ගිය නිසා අද ලංකා ධරණිතලයම විශාල ජාති භේද අර්බුදයකට පැටලී ඇත. මේ සියල්ලටම ප‍්‍රධාන හේතුවක් ඇත.

ශ‍්‍රී ලංකා පුරවැසියන් 2015 යුද්ධය ගැන පුරසාරම් කථා කල  මහින්දව පරාජය කර බලයට පැමිණි නායකයන් දෙදෙනා කළ යුතුව තිබුණේ හිටපු ජනාධිපති සම්පූර්ණ නොකළ ඓතිහාසික කොන්දේසි සම්පූර්ණ කිරීමය.

නමුත් පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණ ප‍්‍රතිඵල අනුව නැවත වතාවක් රට ගෝත්‍රික  පුරවැසියන් ඉන්නා රටක් බවට වීය. එහි ප‍්‍රතිඵලය මීට දින කිහිපයකට උඩ දී මහනුවර ඇතිවුණ සිද්ධියයි. බේබද්දන් කීපදෙනෙක් අතර ඇතිවුණ මේ සිද්ධිය ජනවාර්ගික අර්බුදයක් දක්වා දිව ගියේය. මෙහෙම උනේ ඇයි? පොලිසියේ වැරදීමද? එසේ නැතිනම් ජනවාර්ගික ප‍්‍රශ්නය උග‍්‍ර කර රටේ බලය ලබා ගැනීමට ගන්න පහත් උත්සහයක්ද?

ශ‍්‍රි ලාංකීක පුරවැසියන් දෙදෙනෙක් මේ මාතෘ භූමියට අහිමි විය. අසරණ ජනතාවගේ දේපළ අහිමි විය. සමහර දේපළ බල බලා සිටියදී කොල්ල කෑහ. මේ අපේ රට, මේ අපේ ජනතාව. ඇයි මේ ???

ජාතියක් හැටියට සාතිශය මහාඩම්බර ඉතිහාසයක් ගැන පුරාජේරු වමාරන වර්තමානයක් අප සතුය. 19 වෙනි සියවසේ අධිරාජ්‍යයවාදීන්ට සහමුලින්ම යටත්ව වු පසු පවා අප සිටියේ හීන නොවු උදාරම් මානසිකත්වයකිනි.

රාජකාරී ක‍්‍රමය අහෝසි කොට ශ‍්‍රමයට මිලක් ගෙවීමේ ක‍්‍රමවේදයට අනුව වතු වැවිලි සඳහා සුද්දන්ගේ වතුවල වැඩ කිරීමේ මදි පුංචිකමෙන් යුක්තව සිටි ශ‍්‍රී ලංකා පුරවැසියන් ඉන්දියානු ශ‍්‍රමිකයන් ගෙන්වනතුරු ඇස් කන් පියාගෙන උන්හ. අන්තිමට එකී ශ‍්‍රමිකයෝ මෙරට අර්ථකයේ සුක්කානමට කිට්ටු වූහ.

සියලූම දේ නැණ උගත් බුද්ධිමත් පුරවැසියන් අවබෝධ කරගත යුතුය. මුස්ලිම් ජනතාව උප්පත්තියෙන් ව්‍යාපාරික ප‍්‍රජාවක් බව වටහා ගත යුතුය.  එම නිසා සිංහලයිනි, අපි මොනවද මේ කළේ මැද පෙරදිග මුදල් අපරටට ගාලා ඒම, මෙන් අප රටේ සහෝදර මුස්ලිම්, දෙමළ, බර්ගර් සියලූම ජාතිකයන් රැකගෙන අවාසනාවන්ත සිද්ධීන් පසු පස යෑමෙන් අපට අයිති වුනේ කුමක්ද? එසේ නම්  අතීත අත්දැකීම්  සිහිෙය් තබා ගෙන වැරදුනු තැන් නිවැරදි කරෙගන ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඉදිරියට යමු

 


අනුර ගුණවර්ධන




2018-03-12
Advertisement

Find us on Facebook