English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාතිවාදීන්ට “මදීනා” හෝටලයෙන් පාඩමක්

ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙමින් ආනමඩුවේ පිහිටි මදීනා හෝටලයට පහරදීමට කලහකාරීන් පිරිසක් කටයුතු කළ නමුත් ප්‍රහාරයෙන් පැය 12ක් ඉක්මයන්නට පෙර එය යථාතත්වයට පත්කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරන්නට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන කණ්ඩායමක් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සිදුකර ඇති අතර ඊට ප්‍රදේශයේ බෞද්ධ හා අනෙකුත් ආගමික නායකත්වයේ සහ පොලිසියේද මනා සහයක් ලැබී ඇතැයිද වාර්තා වෙයි.

ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන  විමර්ශන සිදු කිරීමෙන් පසු සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

අත්අඩංගුවට ගෙන ඇති  සැකකරුවන් වයස අවුරුදු 19 - 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත  අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




2018-03-12
Advertisement

Find us on Facebook