English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලාංකීය රාජ්‍යයට ධනපති සදාචාරය අනුව reorganize වීමට බලකරමු.
ආණ්ඩුව යනු "රාජ්‍ය" ආරක්ෂා කරමින් හා තහවුරු කරමින් පවත්වාගෙන යාමේ ආයතනය (Institution ) ලෙස හැඳින්විය හැකියි.

ආණ්ඩුව පත්වන්නේ ජනතාවගේ කැමැත්ත අනුව බව පෙන්වීමට මැතිවරණ පවත්වනු ඇත. එහිදී පත්කරගනු ලබන ජනතා "නියෝජිතයින්" ගෙන් පාර්ලිමේන්තුව සැදුම්ලත් වේ. එම නියෝජිතයින් සැබැවින්ම ජනතාව නියෝජනය කරනවාද ? එසේ නොවන්නේ ඇයිද යන්න වෙනම විමසිය යුතුයි . මෙහිදී මා අවධාරණය කරන්නේ , ආණ්ඩුව පත්වෙන්නේම රජය ආරක්ෂා කිරීම වෙනුවෙන්ම බවයි .

මෙහිදී ලාංකීය ධනපති රාජ්‍ය ගොඩනැගීඇති ආකෘතිය තේරුම් ගැනීම ඉතාම වැදගත් . පහසුව සඳහා ඉංදියානු ධනපති රාජ්‍ය උදාහරණයට ගමු , ඉන්දියානු රාජ්‍යයේ පදනම වන්නේ දැවැන්ත කාර්මික , නිශ්පාදන ධනපති පංතියක් , බිර්ලා ටාටා , අෂෝක් ලේලන්ඩ් , මහේන්ද්‍රා වගේම දැවැන්ත වානේ කර්මාන්තකරුවන් ඇතුලත් ධනපති පංතියක් සිටිනවා ඔවුන් මොන ආණ්ඩුව ආවත් රාජ්‍යයේ පදනම ලෙස වැඩකරනවා.

ලංකාවේ කාර්මික හා නිශ්පාදන ධනපති තීරුව ඉතාම කුඩායි..වැඩිපුරම ඉන්නේ ජාවාරම්කාර කූඨ ව්‍යාපාරිකයන් !

ඒ අනුව ලංකාවේ ධනපති රාජ්‍ය ව්‍යහය වන්නේ කූඨ ව්‍යාපාරිකයන් , දූෂිත දේශපාලකයන් හා අන්ත අවස්ථාවාදී වෘතිකයන් අතර පවතින අශුද්ධ සංධානය නැතිනම් මාෆියාව කියන්න පුලුවන්.

එම මාෆියාවේ පැවැත්ම තහවුරු කරමින් ලාභ ප්‍රයෝජන ලබන දෘෂ්ටිවාදී තැරැව්කාරයන් ලෙස වැඩකරන චීවරධාරීන් හ පූජකයින් ගෙන් සැදුම්ලත් ආගමික බලයක්ද සංස්ථාපිත වී ඇත.

අපි ආණ්ඩු වෙනස්කර බලාපොරොත්තු වන්නේ ජනතා හිතවාදි ප්‍රතිසංස්කරණ දිනා ගැනීම නම් ඒවා ලැබෙන්නේ රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු වන හා එහි මුරබල්ලා වන ආණ්ඩුවේ පැවැත්ම තහවුරු වනසීමාව තෙක් පමණි.

ආණ්ඩුව පිස්සු කෙලිනවිට රාජ්‍ය ක්‍රියාත්මකවී වහාම වෙනත් ආන්ඩුවක් පත්කිරීමට කටයුතු යොදනවා. ගොබ්බ ආණ්ඩු වලට අපි ඉල්ලන ප්‍රතිසංස්කරණ අභියෝගයක් උනාට රාජ්‍යයේ පැවැත්මට තව බොහෝදුරට යනතුරු යාහැකියි..ඒ සඳහා අපි වගකීමෙන් යුතුව බලපෑම් කලයුතුයි, අපි රාජ්‍ය බිඳදැමීමට උත්සාහ නොකරන බව පෙන්වියයුතුයි. ජාත්‍යන්තර බලපැම්ද උපයෝගී කරගනිමින් ලාංකීය රාජ්‍යයට මුලින්කී මාෆියා ස්වභාවය වෙනස් කරගනිමින් ධනපති සදාචාරය අනුව reorganize වීමට බලකරමු. දියුණු ධනපති රාජ්‍යයන්ද එයට උදවුකරනු ඇති.

 

   අජිත් මුණසිංහ




2018-03-09
Advertisement

Find us on Facebook