English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපි පැහැදිළිවම කියන්නේ එක්සත් රට තුළ ,නොබෙදුණු රට තුළ, විසදුමක් සොයන්නට අපි ලැහැස්තියි කියලයි- සුමන්තිරන්

වාර්ගික අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් රජය සමඟ සාකච්ඡ කිරීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එක්සත් රට තුළ ,නොබෙදුණු රට තුළ, විසඳුමක් සොයාගැනීම හැර වෙනත් න්‍යාය පත‍්‍රයක් ද තම සන්ධානයට නැතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්න්ති‍්‍ර එම්. ඒ. සුමන්තිරන් පවසයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදි මෙම අදහස් පළකළ ඔහු මාධ්‍යයෙන් ද ඉල්ලා සිටියේ එම අරමුණ ගැන මාධ්‍යයේ ඒ ආකාරයෙන්ම පළකරන්න කියාය.

මෙම මාධ්‍ය හමුව අමතා එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රිවරයා පැවසු සම්පුර්ණ කථාව මෙසේය.

”එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහත්තයා කියනවා දෙමළ ජාතික සන්ධානය ඉල්ලූවොත් අපි දෙපැත්තෙ සාකච්ඡවක් පටන් ගන්නට කැමතියි කියලා. මේක විහිළුවක් නේ. දැන් අවුරුදු දෙකහාමාරකට ඉස්සෙල්ලා 18 අවස්ථාවක් අපි හමුවෙලා තිබෙනවා. සාකච්ඡ කළාට පස්සේ ඒ ගොල්ලන්ම ඒකෙන් ඉවත්වෙලා ගියාට පස්සේ දැන් අවුරුදු දෙකහාමාරකට පස්සේ කියනවා  අපි ඉල්ලූවොත් එනවලූ. අපි මොනවද ඉල්ලන්න  ඕනේ ? ඒගොල්ලන්නේ ඉවත්වෙලා ගියේ .... අස්වෙලා ගියේ ...... රජය තමයි අස්වෙලා ගියේ. අපි ඉන්දියාවට ගිහිල්ලා මෝඩි මහත්තයා එක්ක කථාකළාට පස්සේ කියනවා අපිත් එක්ක එන්න සාකච්ඡ කරන්න කියලා. ඉල්ලූවොත් අපි එන්නම් කියලා කියනවා.”

ටී එන් ඒ පක්‍ෂය සමග සාකච්ඡවක් සඳහා සුදානම්ව සිටින බව ඊයේ මාධ්‍යවේදින් හමුවේ අමාත්‍ය සුසිල් පේ‍්‍රම් ජයන්ත ප‍්‍රකාශ කර තිබිණි.

”අපි ඕනැම වෙලාවක විවෘතයි සාකච්ඡවලට. පුවත්පත්වල මතයන් දෙකක් ගෙනෙනවා පසුගිය සංචාරය පිළිබඳවත්. ඒගොල්ලන්ගේ පක්‍ෂය තුළ මත දෙකක් තිබුණ බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් ඒක අපිට ප‍්‍රශ්නයක් නැහැ. අපිත් එක්ක  ඕනෑම වෙලාවක් සාකච්ඡවට එන්න පුළුවන්. ”යැයි මහ ලේකම් සුසිල් පේ‍්‍රම් ජයන්ත ප‍්‍රකාශ කළේය.

”රජය තමයි මෝඩි මහත්තයා එක්ක සාකච්ඡුාව අරගෙන දුන්නේ. මහින්ද රාජපක්‍ස මහත්තයා තමයි ඉස්සෙල්ලාම ගිහිං මෝඩි මහත්තයාව හමුවුණේ. එතකොට මේ ප‍්‍රශ්න ගැන කථා කරල තිබෙනවා. මේ ප‍්‍රශ්න විසඳාගන්න දෙමළ ජාතික සන්ධානයත් එක්ක සාකච්ඡ කරන්නෙ නැතිව මේක විසදා ගන්න බැහැ. ඒකට හේතුව දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි වරම මුලින්ම දී තිබෙන්නෙ දෙමළ ජනතා සන්ධානයට.”

”මැතිවරණ ප‍්‍රකාශන කිහිපයක් අපි නිකුත් කරලා තිබෙනවා, අපි එහි පැහැදිළිවම කියලා තියෙන්නෙ එක්සත් රට තුළ ,නොබෙදුණු රට තුළ, මේ ප‍්‍රශ්නයට විසදුමක් සොයන්නට අපි ලැහැස්තියි. කීවතාවක් මේක කියන්න  ඕනෙද ? අපි කියන්න පුළුවන් තරම් කියලා තියෙනවා. ඒකයි අපේ ස්ථාවරය. දැනුත් ඉන්දියාවට ගිහිං ඇවිත් ඉන්න වෙලාවේ ඒකයි අපේ ස්ථාවරය. නොබෙඳුණු එක්සත් රටතුළ උපරීම බලය බෙදීම ක‍්‍රමය යටතේ, ඒ වචනය භාවිතා කරන්නේ මගේ වචනයක් නොවෙයි, 2006 ජූලි මාසේ 06 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා භාවිතා කරපු ඒ වචනෙ තමයි මමත් පාවිච්චි කරන්නේ.....උපරීම බලය බෙදීම තුළ .... එතුමා තමයි ඒක කිව්වෙ. උපරීම බලය බෙදීම තුළ මේ ප‍්‍රශ්නයට විසඳීමක් සොයන්නට අපි ලැහැස්තියි. අපි ජනතාව ඒකට ලැහැස්තියි. අපි ලඟ වෙන මොනවාත් න්‍යාය පත‍්‍රයක් නැහැ.”

ජනමාධ්‍යට විශේෂ පණිවුඩයක් කීමට ඇතැයි ප‍්‍රකාශකළ සුමන්තිරන් මන්ත‍්‍රිතුමා , මාධ්‍යයෙන් කරන ඉල්ලීමක් මේක. කරුණාකරලා මේක ප‍්‍රකාශ කරන්න. මේක කියන්න. දෙමළ ජාතික සන්ධානය මෙහෙම විසඳුමකට ලැහැස්තියි කියලා, අපි නිතරම කියන එක ඉතා හොදින් ඇසෙන්නට කියන්න.  
-MMP



2014-08-29
Advertisement

Find us on Facebook