English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ සම්මුති පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි.

අද දිනයේදී (07) පාර්ලිමේන්තුවේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ සම්මුති පනත් කෙටුම්පත විවාදයට ගැනුණු අතර, එය සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 53 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුනේ ඡන්ද 16ක් පමණි.

එය විවාද කිරීමට පවතින කාලසීමාවේ සහ එහි ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් එය අද දිනයේ විවාදයට නොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියත් පසුව ඊට අදාලව විවාදය පවත්වා තිබුණි.




2018-03-07
Advertisement

Find us on Facebook