English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සමාජ ජාල වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමට පියවර

ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව සමාජ ජාල වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමට පියවර ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම හේතුවෙන් ඒවා නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම මන්දගාමී හා දත්ත ධාරිතාව අඩු විය හැකි අතර, ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් කිරීම් පිළිබඳව මේ යටතේ නිරීක්ෂණය කෙරෙන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

මේ අවස්ථාවේදී සමාජ ජාල වෙබ් අඩවිවලට තොරතුරු ඇතුළත් කිරීමේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.




2018-03-07
Advertisement

Find us on Facebook