English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ ඝාතන සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුගේ පෙත්සම ඉවතට.

වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන සුදේශ් නන්දිමාල්  ගොනුකර තිබු පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළා.

ඒ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන හා ශිරාන් ගුණරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බැවින් අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් කරුණු දක්වමින් කියා සිටියාය.

2012 වසරේ නොවැම්බර් 11 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සුදේශ් නන්දිමාල් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.




2018-03-05
Advertisement

Find us on Facebook