English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


OMP ට එරෙහි ඊනියා දේශපේ‍්‍රමීන්ගේ මඩ ප‍්‍රහාර
යහපාල රජයේ ප‍්‍රධාන පොරොන්දු අතර වූ ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම සදහා වු මූලික යාන්ත‍්‍රණයන් ස්ථාපිත කිරීමට නව රජය මෙතෙක් අසමත් වී තිබේ. නමුත් මෙම යන්ත‍්‍රණයේ එක් කොටසක් වූ අතුරුදහන්වුවන් පිළිබද සොයා බැලීම සදහා වු කාර්යාල පණත ස්ථාපිත කිරීමත් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය සදහා කොමසාරිස්වරු පත්කිරීම ද පසුගිය සතියේ දී සිදු විය.



ඒ අනුව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙහි සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබු අතර, අචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, මිරාක් රහීම්, සෝමසිරි කේ. ලියනගේ, මේජර් ජෙනරාල් මොහාන්ති පීරිස්, කනකතිපිල්ලේ වේන්ද්‍රන් සහ ජයදීපා පුන්‍යමූර්ති යන සමාජිකයන් කොමසාරිස්වරු ලෙස සිය පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් පසුගියදා ප‍්‍රධාන කරනු ලැබීය. මෙහි කොමසාරිස්වරුන් සදහා වු නාම යෝජනා ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතවරයා වෙත ඉදිරිපත් කර තිබුනි.

ඒ අනුව මෙම පත්වීම් අවුරුදු තුනක කාලයක් සදහා බලපැවැත් වෙන අතර, 2016 අගෝස්තු 23 වන දින පාර්ලිමේන්තුවේ දී සම්ම්ත වූ 2016 අංක 14 පණත යටතේ මෙම කොමසාරිස්වරුන්ට කටයුතු කිරීමේ බලය එම විශේෂ පණත මගින් පැවරේ. එමෙනම් මෙම කාර්යාලයේ කටයුතු සදහා 2018 ඇයවැයෙන් බිලියන 1.4ක මුදලක්ද වෙන්කර තිබේ.

මේ සම්බන්ධව ප‍්‍රචාරය වු මොහොතේ සිට මෙවැනි යන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීමට එරෙහිව කටයුතු කරනු ලැබු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සුපුරුදු පරිදි මෙම පත්කිරීම් රණවිරුවන් දන්ගෙඩියට යැවීම සදහා කරනු ලැබූවක් බවටත්, මෙම පත්කිරීම් සාධාරණ නොවන බවද පවසමින් මේ වන විට විශාල මඩ ප‍්‍රචාරයක් දියත් කර තිබේ.

විශේෂයෙන් මෙවැනි කාර්්‍යාලයක් ස්ථාපිත කිරීම සදහා විශාල මෙහෙවරක යෙදුන මෙහි කොමසාරිස්වරියක ලෙස පත්වීම් ලැබූ අචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය ඉලක්ක කරමින් ගෙන යන මෙම ප‍්‍රචාරය හුදෙක් අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීමට, ඒ පිළිබදව තොරතුරු හෙදිදරව් වීමට අකමැති අය විසින් ගෙන යන ප‍්‍රචාරයක් බව ළමයෙකුට පවා තේරුම් ගත හැක

යහපාලන රජය පත්වීමට එරෙහිව මෙම ඊනියා දේශපේ‍්‍රමින් විසින් නිශ්පාදනය කළ විදුලි පුටු නාටකය අති අසාර්ථක වීමෙන් අනතුරුව රනවිරුවන් දන්ගෙඩියට යන නාටකය මෙම කාර්යාලය හරහා නැවත  කරලියට ගෙනවිත් තිබේ.

මෙම අවස්ථාවදී බලවේගයන්ට යට නොවී රජය මෙම කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය අනෙකුත් පහසුකම් වහා ලබදීමත්, සංහිදියාව කරා යන ගමනට අදාල අනෙකුත් යන්ත‍්‍රණයන් ස්ථාපිත කිරීමට වහා පියවර ගැනීමත් මෙම බලවේගයන් නිහඩ කිරීමට හැකි එකම උපක‍්‍රමයයි.

 



2018-03-05
Advertisement

Find us on Facebook