English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් සම්බන්ධයෙන් හිස නොනැමු කැපවීම හා අවංකභාවයට අපේ ප‍්‍රණාමය ! – නීතිවේදීන්ගේ සාමුහිකය

"දකුණු අපි‍්‍රකාවේ නීතිමය පසුබිමකින් පැමිණි ඇය එහි ඉහළම අධිකරණයේ ප‍්‍රථම කළු විනිසුරු පදවියට ද පසුව ජාත්‍යන්තර අපරාධ අධිකරණ කිහිපයක විනිසුරුවරියක් බවට ද පත් වූවා ය. ඇයගේ අවංකභාවය හා මානව හිමිකම් සම්බන්ධව හිස නොනැමූ කැපවීම මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස ඇගේ පත්වීමට ප‍්‍රධාන හේතුව විය. ඇය ඇගේ වරම විශේෂයෙන්ම සංවිධිත හා අශීලාචාර නායකයන්ගෙන් එල්ල වූ අභියෝග මධ්‍යයේ ඉටු කළා ය."යනුවෙන් ශ‍්‍රි ලංකාවේ නීතිවේදින්ගේ සාමුහිකය විසින් එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය වෙත සිය කෘතගුණ දක්වමින්, නිවේදනයක් නිකුත්කරමින් ප‍්‍රකාශ කරයිි.

"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් ලෙස නවි පිල්ලෙයි මහත්මියගේ ආසන්න වෙමින් තිබෙන විශ‍්‍රාම යාම සම්බන්ධව තවදුරටත් අදහස් දක්වන ශී‍්‍ර ලංකා නීතිවේදීන්ගේ සාමුහිකය, ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රතිමානයන් ආරක්ෂා කිරීමේ දී හා ප‍්‍රවර්ධනය කිරීමේ දී ඉදිරි පෙරමුණේ සිටි එක් අයෙකු ලෙස ඇයට සිය ප‍්‍රශංසාව පළ කරයි. මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් ලෙස ඇය එම පදවිය මගින් ජාත්‍යන්තර සාමය ප‍්‍රවර්ධනය කළ හැක්කේ කෙසේ ද යන්න ලෝකයට පෙන්වා දෙමින් ඇගේ කටයුතු බියෙන් හා පක්ෂපාතිත්වයෙන් තොරව ඇගේ මුළු ශක්තියෙන් ඉටු කර තිබේ. ඇයගේ ආකර්ෂණීය නායකත්වය ගෝලීය දේශපාලන නායකත්වයට දේශ සීමාවන්ගෙන් ඔබ්බට සියලූ මානව හිමිකම්වල විශ්වීයභාවය මතකයට නංවා තිබේ.

"අපි කෘතඥතාවෙන් යුතුව ඇගේ ශී‍්‍ර ලංකා සංචාරය හා ලෝකය මුළුල්ලේ මානව හිමිකම් ප‍්‍රජාව කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන ලද ඇයගේ සමාප්තීය සඳහන් කිරීම් සිහිපත් කරමු. ඇයගේ ශී‍්‍ර ලංකා සංචාරය තුළ ශී‍්‍ර ලංකා ආණ්ඩුව අභූත ලෙස වක‍්‍ර දෝෂාපරෝණීය අගතීන් මගින් ඇගේ යුක්ති යුක්ත කි‍්‍රයාවලට විරෝධය පෑ අතර ඇයව පරිහාසයට ලක් කරනු ලැබුවා ය. පෙර නොවූ විරූ අභියෝග නොසලකා ඇය ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අගැයීමේ දී වෛෂයිකතාවය හා වෘත්තීමයභාවය
පවත්වා ගත්තා ය. එසේම ඇය ඒකාධිපතිවාදී ප‍්‍රවණතාවන් මෙන්ම රටේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි ත‍්‍රස්තවාදය බලපා ඇත්තේ කෙසේ ද යන්න හඳුනා ගත්තා ය."

නීතිවේදීන්ගේ සාමුහිකයහි කැදවුම්කරුවන් වෙනුවෙන් නිවේදනය නිකුත් කරමින් ජේසි වැලිඅමුණ,චන්ද්‍රපාල කුමාරගේ,ලාල් විජේනායක යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරු තවදුරටත් කියා සිටින්නේ, "නීතිවේදීන්ගේ සාමුහිකය පිල්ලෙයි මහත්මියට සිය ආචාරය පුද කරන අතරම ඇගේ අනුප‍්‍රාප්තිකයා ඇගේ අඩි පාරේ ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. අවාසනාවන්ත ලෙස ඔවුන් රට තුළ කරන ආකාරයෙන්ම ජාත්‍යන්තර තීරණ වෙනස් කිරීම කෙරෙහි විශ්වාසය තබන ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ අනුප‍්‍රාප්තිකයා මානව හිමිකම් ප‍්‍රතිමාන හකුළනු දැකීම ය. මෙය ආණ්ඩුව ජාත්‍යන්තර තීරණ ගැනීම හා ජාත්‍යන්තර ප‍්‍රතිමාන පුද්ගලතාවන් මත පමණක්ම රඳා නොපවතින බව අවබෝධකර ගත යුතු කාලයයි."

-MMP







2014-08-28
Advertisement

Find us on Facebook