English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගෝලීය දෙමල සංසඳය ජාතියන්තර ප්‍රජාවේ මැදිහත්වීමක් අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව ගෝලීය දෙමළ සංසඳය පවසයි.

ඔවුන් ප්‍රකාශ කරන්නේ යුද්ධය නිමවී වසර 09 ක් ගත වී ඇතත්, මානව හිමිකම් කොමිසමේ යෝජනාවට සම සත්මාරකත්වය දක්වා වසර දෙක හමාරක් ගත වීමෙන් අනතුරුවද, ශ්‍රී ලංකාව සිය කැපවීම් සහ අභිලාෂයන් උදෙසා අර්ථවත් පියවර ගෙන නොමැති බවයි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයද මේ වන විට අඩාල වී ඇති බවත්, මෙවර පලාත්පාලන මැතිවරණයෙන් වර්ගවාදී දේශපාලනය නැවතත් කරලියට පැමිණීම වැළක්වීමේ අවශ්‍යතාවය මතුවී තිබෙන බවත්,  එම නිසා මෙරට දේශපාලන නායකත්වය වෙත මඟ පෙන්වීමක් අවශ්‍යවන බව ගෝලීය දෙමල සංසඳය පෙන්වාදෙයි.

මේ හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන ජිනීවා මානව හිමිකම් සැසි වාරය සියළුම ශ්‍රී ලාංකිකයින්ට විශේෂ වැදගත් කමකින් යුක්ත වන බව ඔවුන් ප්‍රකාශ කරන අතර, පසුගිය ජනවාරි 25 වනදා ගොනුකළ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ  වාර්තාව සම්බන්ධයෙන්ද ඔවුන් ප්‍රසාදය පළකරයි.




2018-03-03
Advertisement

Find us on Facebook