English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොකුරු බෝම්බවලට එරෙහි සම්මුතියට රජය අත්සන් තබයි.

2018 මාර්තු 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි ඔස්ලෝ සම්මුතියට එක් විය. පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ නෛතික ලියැවිල්ලට ශ්‍රී ලංකාව අත්සන් තැබූ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සිකුරාදා (මාර්තු 02) නිවේදනය කළේය.

ඒ අනුව පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතියට) අත්සන් තැබූ 103 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ශ්‍රී ලංකා රජය පවසයි.

යුද ගැටුම් පැවති අවධියේදී ශ්‍රී ලංකාව විසින් පොකුරු බෝම්බ භාවිත කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, ශ්‍රී ලංකාව කිසි දිනෙක පොකුරු බෝම්බ භාවිත කර නොමැති බව සහ ඉදිරියේදී ද භාවිත නොකරන බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය යයි බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත්විය.

උතුරේ යුද කලාපයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත වෙමින් සිටි කණ්ඩායම්වලට පුපුරා ගිය සහ පුපුරා නොගිය පොකුරු බෝම්බ හමු වී තිබුණු බවට ද මාධ්‍ය වාර්තා පලවී තිබුණු අතර ශ්‍රී ලංකා ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය.

 




2018-03-03
Advertisement

Find us on Facebook