English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පිටිගුලිය වඳ පෙත්තක් වු හැටි...අම්පාරේ ව්‍යාපාරිකයා කතා කරයි


ඇත්තටම මොකද වුනේ..?
මම මගේ කඬේ පටන් අරන් මාස තුනයි. කුළී පදනමෙන් තමයි මේ කඬේ අරගත්තෙ. සිංහල මුස්ලිම් ගොඩක් දෙනා මගේ කඬේට එනවා. මේ සිද්ධිය වු දා ? 10ට විතර මේකට මුල් වූ තැනැත්තා ඇවිත් හරක් මස් ඉල්ලූවා. මගේ කඬේ හත  හතහාමාර වෙද්දි මස් ඉවර වෙනවා. ඒ හින්දා මම මගේ සේවකයින්ට කන්න තියෙන හරක් මස් ඔහුට යැව්වා.

හරක් මස් විතර ද?
හරක් මස් එක්ක පරාටා යැව්වා. තව කුකුලූ මස් හොදි එක්ක පරිප්පු යැව්වා.

ඉන් පස්සේ. ?
පරාටා එකේ පොඩි පිටි ගුලියක් තිබිලා තියෙනවා. ඒක වේටර් කෙනෙක්ට පෙන්නලා ඔහු ප‍්‍රශ්න කරලා තියෙනවා. පස්සෙ මගේ ළගට ඇවිත් කරදර කරන්න ගත්තා. එතන හිටි තව සිංහල මිනිසුන් දෙන්නෙක්ට මේ තැනැත්තා කිව්වා මේ ගැන. පස්සෙ ඔහු කෝල් එකක් ගත්තා.

ඔහු විතර ඒ වෙලාවේ හිටියේ?
ඔව් ඔහු විතරයි. ඒත්.. කෝල් එක ගත්තට පස්සෙ තව හරත දෙනෙක් ආවා. ඊට පස්සෙ බලාගෙන ඉද්දි තිහ හතලික් දෙනා මගේ කඬේට ආවා. මෙගේ ස්ටාෆ් ඔක්කොම පහක් ඉන්නවා. ඒ එක්කෙනෙකුගේ කණටත් ගැහැව්වා.

ඒවා විඩියෝවේ නැහැ..?
ඔව් වීඩියෝ කලේ ඉන් පස්සෙ. මට ජීවිතේ ගැන බයක් ආවා. ඒ බයට මම හැම දේටම ඔලූව හෙළෙව්වා. මම සිංහල වචන හුගාක් දන්නෙ නැහැ. වෙළදාමේදි පාවිච්චි කරන වචන ටිකක් දන්නවා. ඔවුන් ඇසුවේ මොනාද කියලා මට තේරුණේ නෑ. වඳ බෙහෙත් කියන වචනෙ මට දැනගෙන හිටියෙ නැහැ.

පොලීසිය අවේ නැද්ද..?
ටික වේලාවකින් පොලිසය ආවා. කෑම පොලීසිය භාරයට ගත්තා. තාම ආහාරවල මොකුත් තිබුනද කියලා හොයාගෙන නැහැ. මගේ යාලූවො ඇවිත් ඇහැව්වා අත්අඩංගුවට ගත් හේතුව. මම පොලිසියට ගියාට මගේ ජීවිතේට කිසිම අනතුරක් නොවෙන්න පොලීසිය මාව හොදින් බලා ගත්තා. ඒත් මගේ කඬේට එහෙම වුනේ නැහැ.

ඒ කිව්වෙ...?
මගේ කඬේ සීල් තියලා තිබුණේ සියල්ල විනාශ වුනාට පස්සෙ. ලක්ෂ ගණනක් වටිනා ශීතකරණයක් එක්ක බඩු ගණනාවක් විනාශ කරලා තියෙනවා. එයින් වුණ පාඩුව මට දරා ගන්න අමාරුයි.

නිදහස් කළේ කවද්ද..?
අත්අඩංගුවට ගත් පසු දින අගහාරුවාද මාව නිදහස් කළා.



දැන් කඬේ ආයෙමත් පටන් ගන්නවාද?
ඊට කලින් මට වුන හානිය ගැන හිතන්න වෙනවා. මගේ ගැන වීඩියෝ පවා පළවුණා. මගේ ව්‍යාපාරය වගේම මගේ ගෞරවයත් නැති වුණා. මම මේකට ඉදිරියෙදි මානව හිමිකම් කොමිසමට යන්නත් අදහස් කරගෙන ඉන්නවා. අනිත් පිරිස සාමදාන වෙන්න කැමති බව ආරංචි වෙනවා. ඒත් මට වූ හානිය එයින් පියවෙන්නෙ නෑ. ඒ නිසාම මට නීතිය හමුවට යන්න වෙනවා.

ඊට පස්සෙ?
ඊට පස්සෙ මගේ කඬේ ආයෙ පටන් ගන්න ඉන්නවා. ඒක පටන් ගත්තට මම කාටවත් භේද කරලා සලකන්නේ නැහැ. හැමොටම කන්න දෙනවා. එත් එදා හිතට ලොකු බයක් ඇති වුනා. ඒක තවම තියෙවා.

අම්පාරේ ව්‍යාපාරික ඒ.එල්.ෆර්සිත් රැස පුවත්පත සමග කළ කතා බහක් ඇසුරෙන්..

පුවතක්...
වඳ බෙහෙත් කියලා දෙයක් තියෙනවා කියලා ඔප්පු කළොත් රුපියල් මිලියනයක් !
ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මොහොමඩ් නදිමුජීන්





2018-03-02
Advertisement

Find us on Facebook