English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව වෙනස් වුණාට පොලිසිය වෙනස් වුණේ නැහැ
රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පසුගිය දා සිය පහළොස්වැනි සංවත්සරය, තම අරගලයට මෙතෙක් දායකත්වය දැක්වූ පිරිස් ඒකරාශී කරගනිමින් සැමරීය. ඒ අනුව පුරා වසර 15ක් වධහිංසාව තුරන් කිරීම හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා ගෙන ගිය සටනෙහි අත්දැකීම් බෙදා හදා ගන්නට මෙවර සමබිම, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක ලේකම් පිලිප් දිසානායක සමගින් සංවාද ගත විය. මෙහි පළ වන්නෙ එම සංවාදයේ සංක්ෂිප්ත සටහනකි. 



රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය බිහි වීමේ පසුබිම කුමක්ද?

රයිට් ටූ ලයිෆ් සංවිධානය බිහි වෙන්නෙ 2003 වසරේදී. බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ජයන්ති දන්දෙනිය සහ මම එකතු වී මෙය ආරම්භ කරන විට අපට නිශ්චිත අරමුණක් නොතිබුණත් විශේෂ කාරණා තුනක් සම්බන්ධයෙන් වැඩකිරීමේ එක`ගතාවය අප අතර තිබුණා. එහි පළමු කාරණය වුණේ, බලහත්කාරයෙන් අතුරුදන් කරවීමට එරෙහිව විශේෂයෙන් 1988-89 කාලවකවානුවේ අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරදීම සහ ඒ වන විට අතුරුදන් කිරීම් සම්බන්ධව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබුණා. එම කොමිසමේ නිර්දේශ 25ක් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් එම නිර්දේශ ක‍්‍රියාත්මක කරවා ගැනීමත් එක් කාරණයක්. දෙවැන්න, අප කාර්යාලය පිහිටා තිබෙන්නෙ නිදහස් වෙළෙ`ද කලාපයට ආසන්නව. ඒ නිසාම කලාපයේ කම්කරු අයිතිවාසිකම් සහ ඔවුන්ට සිදුවන ආසාධාරණයන්ට එරෙහිව යුක්තිය ඉටු කර ගැනීම. විශේෂයෙන්ම මෙහිදී පැවති පැරණි වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවට නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේ හැකියාව අපිට තිබෙනවාද යන කාරණයේදී වෘත්තිකයන් පමණක් නෙවෙයි සේවායෝජකයන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද සංවේදී වෙමින් දෙපාර්ශ්වයටම වගකියන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩන`ගා ගැනීම. තුන්වැන්න, වෘත්තීය අරගලවලට සහය දක්වපු පිරිස් අත්අඩංගුවට පත් වීම්, ව්‍යාජ නඩු ගෙනු කිරීම්, පහරදීම් ආදිය සිදුව තිබුණා. ඒ නිසාම පොදුවේ මානව අයිතිවාසිකම් සම්බන්ධව පෙනී සිටීමත් අපේ අරමුණක් වුණා. මේ කාරණා ත‍්‍රිත්වයම සම්බන්ධයෙන් යම් කාලයක් අප එක දිගට වැඩ කළා.  

නමුත් මේ වන විට ඔබ සංවිධානය මූලිකව අරගල කරමින් සිටින්නෙ වධහිංසාවට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන්.

ඔව්, මේ ක්ෂේත‍්‍රයන් තුන තුළම කටයුතු කළ අපිට ඇති වූ විවිධ තත්ත්වයන් සහ අපහසුතා යටතේ කම්කරු අයිතිවාසිකම් සම්බන්ධ කාරණය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමට අපහසු වුණා. තවදුරටත් අතුරුදන් කිරීම්වලට එරෙහිව සහ වධහිංසාවට එරෙහිව අප දිගින් දිගටම පෙනී සිටියා. අපේ අත්දැකීම අනුව තමන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව යුක්තිය ඉල්ලා සිටි වින්දිතයන් කිහිප දෙනෙකුටම බරපතළ හිංසාවන්ට ලක්වීමට සිදුවුණා. කලක් ගත වන විට පොලිස් වධහිංසාව සම්බන්ධව අපේ විශේෂ අවධානයක් යොමු වුණා. මේ සම්බන්ධව අපට යම් පෙළඹවීමක් ඇති කිරීමට ආසියානු මානව හිමිකම් කොමිසම සමත් වුණා. ඔවුන් ඒ වන විටත් තවත් සංවිධාන ගණනාවක් සම`ග කටයුතු කරමින් හිටියා. ඒ සංවිධාන සියල්ලත් එක්කාසු කර ගෙන ‘වධහිංසාවට එරෙහි ජන සන්ධානය’ යන ව්‍යුහය ගොඩනැගීමට අපට හැකි වුණා. ලංකාව වධහිංසාව අපරාධ වරදක් ලෙස පිළිගත් පනත ඒ වන විටත් සම්මත වී තිබුණා. ඒ පනත යටතේ තමන්ට සිදුවූ වධහිංසා සම්බන්ධයෙන් නඩු දමන්න යන උද්ඝෝෂණය සාමුහිකව කිරීමේ හැකියාව මේ ව්‍යුහය තුළ අපට ලැබුණා. අප සංවිධාන ක‍්‍රියාකාරීත්වය තුළම අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව ලෙස අතුරුදන් වූවන් සම්බන්ධ අරගලය ඉදිරියට ගෙනයාම ස`දහා විශාල ක‍්‍රියාකාරීත්වයක් ඇති වුණා. ඒ අනුව එය වෙනම සංවිධාන ව්‍යුහයක් ලෙස අතුරුදන් වූවන්ගේ ප‍්‍රශ්නය සම`ග ක‍්‍රියාත්මක වන අතරේ රයිට් යූ ලයිෆ් සංවිධානය මේ වන විට වධහිංසාව සහ නීති විරෝධී ඝාතන සම්බන්ධවත් පොදුවේ මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබ`දවත් කටයුතු කරන සංවිධානයක් බවට පත්ව තිබෙනවා.

අවුරුදු 15ක් වධහිංසාවට එරෙහිව අරගල කළ ඔබේ අත්දැකීම අනුව අද අපේ රටේ වධහිංසාව සම්බන්ධ කාරණය නතර වී තිබෙන්නෙ කොතැනද?

ගෙවී ගිය කාලයට වඩා අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා වඩා විවෘත ඉඩක් මේ රටේ සකස් වී තිබෙනවා. වධහිංසාව වැළැක්වීම ස`දහාත් මේ රජය පියවරයන් ගණනාවක් අරන් තිබෙනවා. ඒ වගේම අපරාධ නඩු ඉදිරියට ගෙන යමේ නොහැකියාවක් අපට තිබුණා. හේතුව සාක්ෂිකරුවන් ඉදිරිපත් වීමේ ගැටලු සහ වින්දිත පාර්ශ්වයන්ට ආරක්ෂාව සම්බන්ධව තිබෙන ගැටලු නිසා. ඒ නිසාම අපි දිර්ඝ කාලයක් පෙනී සිටියා වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතක් ගෙන ආ යුතුයි කියල. මේ ආණ්ඩුව විසින් එම පනත සම්මත කළා. නමුත් මේ පනත නිසි ලෙස ක‍්‍රියාත්මක වීමට යාන්ත‍්‍රණයක් සකස් නොවීමේ ගැටලුව තිබෙනවා. ඒ නිසාම එයින් අපේක්ෂා කළ ප‍්‍රතිඵලය මෙතෙක් ලබා ගන්න නොහැකි වී තිබෙනවා. අනෙක් අතින් වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට ලංකාව අත්සන් තබා තිබෙනවා. ඒ වගේම මේ රජය පසුගිය වසරේ එහි වෛකල්පිත ප්‍රෙටෝකෝලයටත් අත්සන් තැබීමට කටයුතු කළා. ඒ අනුව වධහිංසාව තුරන් කිරීම වෙනුවෙන් මේ ආණ්ඩුව නීතිමය වශයෙන් බොහෝ ප‍්‍රතිපාදන සලසා තිබෙනවා. නමුත් රජය තවදුරටත් තමන්ගේ දෙපාර්තමේන්තු, විශේෂයෙන්ම පොලිස් දොර්තුමේන්තුව ප‍්‍රතිසංස්කරණයට ලක් කළ යුතු වෙනවා. අවම සුදුසුකම් හෝ නැති නිලධාරීන් පොලිස් අපරාධ කොට්ඨාසයේ වැඩකරනවා. ඔවුන් අපරාධ කටයුතු සම්බන්ධ විමර්ශනයන් සිදුකරන්නේ පරණ ක‍්‍රමවේදවලින්. ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම සහ පුහුණුව අවශ්‍ය වෙනවා. රජයන් වෙනස් වුනත් සිදුවන වධහිංසාවල විශාල වෙනසක් ඇති වී නැහැ. පසුගිය මාස 11ට අත්අඩංගුවේදී මියයෑම් 11ක් වාර්තා වුණා. මේ අනුව අපට පෙනෙන දේ නව නීති, පනත් ගෙන ආවත් ආණ්ඩු වෙනස් වුණත් පොලිසිය වෙනස් නොවීම නිසා මේ විෂයේ සාධනීය වෙනසක් තවමත් දකින්න අපට නොහැකි වී ඇති බව.

මානව හිමිකම් පිළිබ`ද රජයේ සැලැස්මේ එක තේමාත්මක කාරණයක් වධහිංසාව. මේ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ කාර්යයේදී රජයේ මැදිහත් වීම කෙබදු ද?

මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් පස් අවුරුදු මානව හිමිකම් සැලැස්මක් සකස් කර තිබීම ඉතාම යහපත් දෙයක්. මෙවැනිම සැලැස්මක් පසුගිය රජයෙන්ද ඉදිරිපත් කර තිබුණත් එය පුස්සක් බවට පත් වුණා. කෙසේ නමුත් මෙවර රජයෙන් ඉදිරිපත් කර තිබෙන මානව හිමිකම් සැලැස්මේ ප‍්‍රධානම පරිච්ෙඡ්දයක් වධහිංසාව ස`දහා වෙන්ව තිබෙනවා. එම සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන්නෙ රජයට. මේ ක‍්‍රියාවලිය සංකීර්ණයි. නමුත් මේ සැලැස්ම පුස්සක් නොවී ක‍්‍රියාත්මක වීමට නම් මෙහි ඇතුළත් වගකීම් නිශ්චිත කාල රාමු තුළ නිශ්චිත පුද්ගලයන්ට පැවරිය යුතු වෙනවා. ඒ වගේම මෙය නිසි ලෙස ක‍්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමට රාජ්‍ය යාන්ත‍්‍රණයක්ද සකස් විය යුතුයි. සිවිල් සමාජය විදියට මේ ක‍්‍රියාවලිය තුළ පිටත සිට නීරීක්ෂණය කිරීමේ හැකියාව තිබුණත් මෙය ක‍්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන්නෙ රජයට. ඒ වගේම සිවිල් සමාජ සංවිධාන සම`ග මේ වැඩපිළිවෙළ නිසියාකාරව ක‍්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමේ ක‍්‍රමවේදයක් රජය විසින් ආරම්භ කළ යුතු වෙනවා. කෙසේ නමුත් දැනට මානව හිමිකම් සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව රජයේ තිබෙන ක‍්‍රියාකාරීත්වයේ යම් පසුබෑමක් තමයි දකින්න තිබෙන්නෙ.

මේ විෂයෙහිලා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීම පිළිබ`ද ඔබේ අත්දැකීම කුමක්ද?
පසුගිය කාලයේ අපේ අත්දැකීම සම`ග ගත් විට මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධව පැහැදිලි චිත‍්‍රයක් සකස් කර දීමට දැන් ඔවුන් සමත් වී තිබෙන බවයි මගේ අදහස. අද මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් සම`ග ඝෘජුව ගනුදෙනු කිරීමට අපට හැකි වී තිබෙනවා. අපේ ප‍්‍රශ්නවලට යම් ප‍්‍රතිචාරයක් දක්වන්න මානව හිමිකම් කොමිෂන් සභාව උත්සාහ දරනවා. දැන් සිටින කොමසාරිස්වරු පෙරට වඩා මේ ප‍්‍රශ්න සම්බන්ධව සංවේදීතාවයක් දක්වනවා. ඒනිසාම මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබ`ද පෙරට වඩා සමාජයේ විශ්වාසය දිනාගන්න ඔවුන් සමත්ව තිබෙනවා. විශේෂයෙන්ම එයට හො`දම නිදසුන 2016 වසරේ වධහිංසා කමිටුවට ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව සමත් වුණා. එය රජයේ වාර්තාව අභියෝගයට ලක් කරන සුළු ඉතාමත් නිර්භීත වාර්තාවක්. මේ සියල්ල සම`ග මානව හිමිකම් කොමිෂන් සභාව ගැන යම් සුබවාදී අදහසක් අපට තිබෙනවා. නමුත් මේ විෂයන් සම්බන්ධව ඔවුන් කළ යුතු තව බොහෝ දේද තිබෙනවා.  

ලංකාවේ වධහිංසාව තුරන් කිරීමේ කාර්යයෙහිලා ඔබ සංවිධානයට තිබෙන අභියෝග මොනවද?

පළමුවැන්න, අපි සියල්ලන් එක්කාසු වෙලා ගොඩනගා ගත් ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය තවදුරටත් ආරක්ෂා කර ගැනීම. මේ දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය ආපස්සට හැරවීමට ඉඩක් නොතැබිය යුතුයි. දෙවැන්න, අපි ඉතිහාසය පුරාම වැඩ කළේ හැම විටම විපක්ෂ කණ්ඩායම් සම`ග. නමුත් මේ වන විට අපිට සිදුව තිබෙනවා ආණ්ඩු පක්ෂ කණ්ඩායම සම`ග කටයුතු කිරීමට. මේ අත්දැකීම අපිට අලුත්. මේ ස`දහා තිබෙන අත්දැකීම් අපට ප‍්‍රමාණවත් නැහැ. ඒ වුනත් අපට සිදුව තිබෙනවා රජය ගන්නා හො`ද ක‍්‍රියාමාර්ග පසසමින් සහ රජය තබන වැරදි පියවර විවේචනය කරමින් ඔවුන් සම`ග මේ ගමන යන්න. තුන්වැන්න, අපි රාජ්‍ය නොවන සංවිධානයක්. මේවා පවත්වාගෙන යන්නෙ අරමුදල්වලින්. අද අරමුදල් ලබා ගැනීම විශාල ප‍්‍රශ්නයක්. ඒ තත්ත්වයන් යටතේ පවා වධහිංසාව මේ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් මේ අරගලය ඉදිරියට ගෙනයෑමේ අභියෝගය අපට තිබෙනවා.

පිලිප් දිසානායක
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ 

මාර්තු 25 දින රාවය, සමබිම අතිරේකයෙන් උපුටා ගන්නා ලදී



2018-02-28
Advertisement

Find us on Facebook