English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පකිස්ථානයේ යකඩ ගැහැණිය: අස්මා ඡිහන්ගීර්

ඇය ඡාතිවාදීන් හෝ ආගම්වාදීන් තඹෙිකට මායිම් නොකලාය. පකිස්ථාන් ඒකාධිපතියන්ගේ හිසරදය ඇයවිය. පකිස්ථානය වැනි දැඩි ආගම් භක්තියකින් හා පුරුෂ මුලික සමාඡයක ඇය භයානක හා කිසිවෙක් අත තැබීමට බිය වු නිර්භය ගැහැණිය විය.

අස්මා ඉපදුනේ 1952 දීය. වැඩිදුර අධ්‍යාපනය ලැබුයේ ලාහෝර් විශ්වවිද්‍යාලයේ නීති ක්ෂේත්‍රයේය. 1980 වනවිට ඇය පකිස්තානු මහාධිකරනයේ නිතිඥවරියක් ලෙසද 1982 වන විට ශේෂ්ඨාධිකරන නිතිඥවරියක් ලෙසද සේවය කල අතර පකිස්ථානයේ ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ නීති සංගමයේ සභාපතිනියද විය.

නීතිය පිලිබද මනා දැනුමක් තිබු ඇය පකිස්ථානයේ සිදුවු සියලුම මානව හිමිකම් උල්ලංඝණය වීම් පිලිබද නඩු වලට පෙනී සිටි අතර ඒ වෙනුවෙන් මහපාරට බැස සටන් වැදුනාය. ඇය නතර කිරීමට එවකට ආඥාදායකව සිටි සියා උල්හක්ට හෝ නොහැකිවිය. සියා උල්හක් මිණිමරුවෙකැයි ඇය ඔහුට ප්‍රසිද්ධියේ චෝදනා කරමින් මහමග උද්ඝෝෂණය කලාය. සියා මේ ගැහැණිය නැවත්වුයේ සිරගෙයකට ගාල් කොටය. අවසානයේ සියා මල නමුදු මේ ගැහැණිය ඡිවත්විය.

සියා උල් හක්ගේ මරණින් පසුව ආ පාලකයන්ගේ නිත්‍යානුකුල ආඥාදායකත්වයට පවා අස්මා එරෙහිවිය. පසුව පාලකයෝ ඇය නිවාස අඩස්සියේ තැබුහ. ඇගෙන් සරණ ලැබු ඇගෙන් සහන ලැබු ඇගෙන් නීතියේ පිලසරන ලැබු පකිස්ථානුවන් දහස් ගණනකි. ඇගේ මේ මානවවාදී ක්‍රියාවන් නිසා එක්සත් ඡාතින්ගේ සංගමය සිය පකිස්ථානයේ මානව හමිකම් පිළිබද විශේෂ වාර්තාකාරිය හා ඉරාණයේ මානව හිමිකම් කටයුතු සදහා වු විශේෂ වාර්තාකාරිය ලෙසද අස්මා ඡින්හිර් පත් කරන ලදී. පක්ස්ථාන් මානව හිමිකම් කොමිසමේ නිර්මාතෘවරිය ඇයය.

පකිස්ථානයට නීතිය යුක්තිය හා සත්‍ය යනු කුමක්දැයි තවතවත් පහදා දීමට පෙර මේ අභිත ගැහැනිය ලාහෝර්හිදිි 2018-02-11 මිය ගියාය.

 


උපුටා ගැනීමකි.




2018-02-26
Advertisement

Find us on Facebook