English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආඥාදයකයා ගෙදර ගිය හැටි !

ආඥාදායකයෝ සිය පදවිය අත්හැර කෙලින්ම යන්නේ සිය මිණිවළ වෙතටය. නැත්නම් සිර ගෙදරකටය. පදවිය අහිමිවු පසුවත් බෙහෝ සනීපෙට ගෙවල්වලට යන ආඥාදායකයෝත් සිටිත්. ඒ බොහෝ කළාතුරකිනි. එවන් මිනිසෙකි 93 හැවිිරිදි සිම්බාබ්වේ රොබට් මුගාබේ! ප්‍රබල මහඡන විරෝධයත් ඊටම අන්තර්ඡාතික විරෝධයත් එල්ලවු පසු රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉවත් වී 75 හැවිරිදි එමර්සන් නන්ගාවට රටේ පාලන බලය ලබා දීමට සිදුවූ අතර එමර්සන් නන්ගාවා පහත සදහන් රාඡ්‍ය බලතල සහිත පොරොන්දු රොබට් මුගාබේ වෙත පිරිනමා සිය තනතුරේ දිවුරුම් දුන්නේය.

රොබට් මුගාබේ ඉල්ලා අස්වන මොහොතට පෙර ඔහුවෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබා දිය යුතුය. රොබට් මුගාබේ මියයන තුරු ඔහුට ඡනාධිපතිවරයෙකුට හිමිවිය යුතු වැටුප කිසියම්ම හෝ ආණ්ඩුවක් ලබාදිය යුතුය. එය එක්සත් ඡනපද ඩොලර් 4000 කට නොඅඩු විය යුතුය. යම් මොහොතක තමා මියගිය හොත් එකී වැටුපෙන් හරි අඩක් සිය භාර්යාවට ලබා දිය යුතුය. සිය පාලන කාල තුල සිදුවූ කිසියම්ම ක්‍රියාවක් වෙනුවෙන් රොබට් මුගාබේට හෝ සිය පවුලේ කිසිවෙකුට නඩු පැවරීමක් සිදු නොකල යුතුය. සිය පවුලේ කිසිදු වත්කමක් රාඡසන්තක නොකල යුතුය. තමන්ට හා පවුලේ අයට රාඡ්‍ය ආරක්ෂාව ලබා දිය යතුය. රොබට් මුගාබේගේ යහපත් සෞඛ්‍ය තත්වය රැකගැනීම සදහා රඡය මගින් වෛද්‍ය පහසුකම් හෝ ඊට අවශ්‍ය මුදල් ලබා දිය යුතුය.

සිම්බාබ්වේ රටේ මිනිස්සුන්ගෙ ආයු කාලය අවුරුදු 60 යි. මිනිහ ඡීවත්වෙනව බොහොම සැපට අවුරුදු 93 ක්. හැබැයි මුන්ගෙ මුලු ඇගේම දුවන්නෙ දේශප්‍රේමය !

 

උපුටා ගැනීමකි




2018-02-23
Advertisement

Find us on Facebook